Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

ශ්‍රී ලංකා යුද්ධ හමුදා රෝද පුටු ටෙනිස් අවසන් තරඟාවලිය ඇරඹේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පැරා ටෙනිස් තරඟාවලියේ අවසන් තරඟය සිකුරාදා (25) දින ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ ප්‍රධානත්වයෙන් කොළඹ ටෙනිස් පිටියේ දී පවත්වනු ලැබීය.

20 වන යුද්ධ හමුදා පැරා ක්‍රීඩා උළෙලට සමගාමීව පවත්වන ලද රෝද පුටු ටෙනිස් තරඟාවලිය සඳහා රෙජිමේන්තු 06 ක් නියෝජනය කරමින් ක්‍රීඩකයින් 19 දෙනෙකුට වැඩි පිරිසක් තරඟ වැදුණි. එහිදි, ගැමුණු හේවා බලකායේ ලාන්ස් කෝප්‍රල් ගාමිණි ශුරතාවය හිමිකරගත් අතර, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ලාන්ස් බොම්බඩියර් ධර්මකීර්ති සහ ලාන්ස් බොම්බඩියර් ධර්මසිරි දෙවන ස්ථානය ද කමාන්ඩෝ රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් ජයසුන්දර සහ ලාන්ස් කෝප්‍රල් ප්‍රදීප් කුමාර තුන්වන ස්ථාන ද හිමිකර ගන්නා ලදී.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමීණි සංවිධායක කමිටුවේ සභාපති කර්නල් ඩබ්ලිව්.එස්.එම්. අබේසේකර ජයග්‍රාහකයින් වෙත කුසලාන සහ සහතිකපත් පිරිනැමු අතර, ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ ගරු සභාපති ඉක්බාල් බිල් ඉසාක් මහතා සහ ගරු ලේකම් ප්‍රදීප් ගුණසේකර මහතා ද එම අවස්ථාවට එක්ව සිටියහ.

spy offers | Sneakers