Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd April 2018 13:30:40 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ භට පිරිස් ජනාධිපති නිළ නිවසේ සම්මාන මුර රාජකාරි භාරගනී

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය විසින් ජනාධිපති මන්දිරයේ සහ අරලියගහ මන්දිරයේ සම්මාන මුර රාජකාරි ඉරිදා (01) දින උදෑසන කොළඹ, කොටුව පිහිටි ජනාධිපති මන්දිරයේ පැවති කෙටි උත්සවයකින් අනතුරුව භාරගනු ලැබීය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මාස 6 ක පමණ කාලයක් සිදු කල මෙම සම්මාන මුර රාජකාරීන් 2018 අප්‍රේල් මස 01 දින සිට නිල වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය වෙත භාරදීම එහිදි සිදුවිය.

එම කෙටි උත්සවය අවසානයේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ භට පිරිස් අතර සුභපැතුම් හුවමාරුවක් ද සිදු විය.

Authentic Sneakers | First Look: Nike PG 5 PlayStation 5 White Pink Black BQ6472-500 Release Date - SBD