Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st November 2016 10:54:48 Hours

ශ්‍රී ලංකා යුද හමුදාවේ බෝම්බ හදුනා ගැනීමේ සුනඛයා සහ එම සුනඛයාගේ හසුරුවන්නා වෙත වොෂිංටන් හිදි සම්මාන පිරිනැමේ

ලෝකය පුරා බිම් බෝම්බ ඉවත් කිරීමේ කාර්මික දැනුම ලබාදීමේ ආයතනයක් වන එක්සත් ජනපදයේ ස්ථානගත මාර්ෂල් ලිගර්සි ආයතනය විසින් බදාදා (26) දින වොෂිංටන් ඩීසී හිදී පැවැත් වූ මාර්ග සෝදිසි සැමරුම් උළෙලේ ශ්‍රී ලංකා යුද හමුදාවේ බිම් බෝම්බ හදුනා ගැනීමේ සුනඛයා වන අල්වින් සහ එම සුනඛයාගේ හසුරුවන්නා වන 7 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් ජී.එන්.ඩබ්ලිව්.එන් නවරත්න වෙත සම්මාන පිරිනමන ලදි. එම අවස්ථාව සඳහා තානාපතිවරුන්, එක්සත් ජනපද ප්‍රතිපත්ති සම්පාදකයන්, එක්සත් ජනපද රාජ්‍ය නිලධාරීන්, සෙනේට් සභිකයන්, සමාජ සේවා ක්‍රියාකාරීන්, පරිත්‍යාගශීලින් සහ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයේ නියෝජිතයින් ඇතුලු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ.

ශ්‍රී ලංකා යුද හමුදාවේ බෝම්බ හදුනා ගැනීමේ සුනඛයා වන අල්වින් සහ එම සුනඛයාගේ හසුරුවන්නා වන 7 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් ජී.එන්.ඩබ්ලිව්.එන් නවරත්න හට මාර්ෂල් ලිගර්සි ආයතනය විසින් 2016 වසරේ හොඳම පුපුරන ද්‍රව්‍ය හදුනාගැනීමේ කාණ්ඩායම ලෙස ‘බිම් බොම්බ හදුනාගැනීමේ සුනඛයා - 2016’ සම්මානයෙන් පිදුම් ලැබීම සඳහා මෙම වසරේ අගෝස්තු මස දී තෝරා පත් කර ගන්නා ලදි.

මෙම ද්විත්ව සාමාජික බිම් බෝම්බ නිරීක්ෂණ කණ්ඩායමේ අල්වින් සහ එම සුනඛයාගේ හසුරවන්නා වන ලාන්ස් කෝප්‍රල් නවරත්න 2011 දෙසැම්බර් 28 වන දින සිට එක්ව වැඩ කටයුතු සිදු කරන අතර, උතුරු නැගෙනහිර ප්‍රදේශයේ මේ වන විට ආසන්න වශයෙන් වර්ග මීටර් 73,340 ක ප්‍රමාණයක බෝම්බ නිශ්ක්‍රීය කිරීම් සිදු කර ඇත. ඔවුන්ගේ ක්‍රියාන්විතයන් වලින් මේ වන විට ආර්පීජී 20 ක්, අත් බෝම්බ 48 ක්, පුද්ගල නාශක බිම් බෝම්බ 137 ක්, පුපුරා නොගිය පුපුරන ද්‍රව්‍ය 24 ක්, ඩෙටනේටර් 18 ක්, පතරොම් 243 ක් සහ යුද්ධයේ දී ඉතිරි වු අනෙකුත් පුපුරන ද්‍රව්‍ය සොයගෙන ඇත. මොවුන් විසින් බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සිදු කිරීමේ දී  අන්‍යෝන්‍ය අවබෝධය කාර්ය සඳහා ඇති කැපවීම මගින් පසුගිය වසර 5 ක කාලය තුළ පවුල් 415 ක අවතැන් වූ සාමාජිකයින් 1945 දෙනෙකු ඔවුන්ගේ නිත්‍ය ප්‍රදේශවල පදිංචි වී ඇති අතර, එම කණ්ඩායම විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තුළ මහත් කැපවීමෙන් යුත් ඉතාමත් ප්‍රශංසනීය ආකාරයෙන් ප්‍රතිඵල බොහෝමයක් සාක්ෂාත් කරගෙන ඇත.

වොෂින්ටන් ඩිසි හි මැන්ඩරින් හෝටලේ දී පැවති මෙම උත්සවය සඳහා ශ්‍රී ලංකා පුපුරන ද්‍රව්‍ය හදුනාගැනීමේ කාණ්ඩායමේ ප්‍රධානි ලෙස ඉංජිනේරු බලසේනාවේ බලසේනාධිපති මෙන්ම යුද හමුදා බෝම්බ නිශ්ක්‍රිය අංශයේ ප්‍රධානි බ්‍රිගේඩියර් අමිත් සෙනෙවිරත්න සහභාගි වූ අතර, අල්වින් සුනඛයා පරිත්‍යාග කරන ලද ආචාර්ය මැඩිසන් සහ ජෙසිකා හොමන් මහත්මිය ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

ශ්‍රී ලංකාවේ බිම් බොම්බ හදුනාගැනීමේ කණ්ඩායම සහ එම සුනඛයාගේ පරිත්‍යාගශීලින් වේදිකාව වෙත කැඳවා ගෞරව අත්පොළසන් මධ්‍යයේ ඔවුන්ගේ සේවය අගයමින් මාර්ෂල් ලිගර්සි ආයතන පදක්කම පිරිනමන ලදි.

මාර්ෂල් ලිගර්සි ආයතනය විසින් වොෂිංටන් ඩීසී හිදී පැවැත් වූ මෙම ‘මාර්ග සෝදිසි’ සැමරුම් උළලේ දී ප්‍රධාන දේශනය එක්සත් ජනපද ජාතික ආරක්ෂක උපදේශක තානාපති සුසන් ඊ. රයිස් විසින් පැවැත්විය. තවද මෙම අවස්ථාව සඳහා සෙනෙට් සභික මයික් එන්සි මහතා, ජෙනරාල් ගෝර්ඩන් රසල් සුලිවාන් (විශ්‍රාමික), ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති ප්‍රසාද් කාරියවසම් මහතා ද සහභාගි වූහ.

මෙය ශ්‍රී ලංකා යුද හමුදා මානුෂිය බොම්බ නිශ්ක්‍රිය ඒකකය ලබාගත් දෙවන ‘බිම් බොම්බ හදුනාගැනීමේ සුනඛයා’ සම්මානය වේ.

වසර 2012 දි බිම් බොම්බ හඳුනා ගැනීමේ සුනඛ්‍යා සහ හසුරවන්නා වන ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ ඉංජිනේරු සෙබල ඩි.කේ.එන් රෝහන මෙම සම්මානය හිමි කරගත් අතර, ඔවුන් විසින් එහිදි වර්ග මීටර් 9570 ක භුමි ප්‍රමාණයක බිම් බෝමිබ ඉවත් කරමින්, එල්ටිටීඊ ය විසින් නිෂ්පාදිත පුද්ගල නාශක බෝම්බ 101 ක්, එල්ටිටීඊ ය විසින් නිෂ්පාදිත අත් බෝම්බ 03, මිලිමීටර් 60 මෝටාර් බොම්බයක් සහ ආර්පිජී බෝම්බ දෙකක් සොයා ගන්නා ලදි.

Running Sneakers | Air Jordan 1 Hyper Royal 555088-402 Release Date - SBD