Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th September 2018 15:11:52 Hours

ශ්‍රී ලංකා පාබල හමුදා අන්තර් ඒකක මලල ක්‍රීඩා තරඟාවලිය අනුරාධපුරයේදී

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ නිත්‍ය සහ ස්වේච්ඡා ඒකකයන්හි සේවයේ නියුතු නිලධාරි සහ හමුදා සාමාජිකයින්ගේ ක්‍රීඩා කුසලතාවයන් ඔප්නැංවිමේ අරමුණින් සංවිධානය කල අන්තර් ඒකක මලල ක්‍රීඩා උළෙල 2018 සැප්තැම්බර් මස 3 වන දින සිට 4 වන දින දක්වා අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේදී පවත්වන ලදී.

ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජේ. ආර් කුලතුංග ගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා පාබල හමුදා මලල ක්‍රීඩා කමිටුව විසින් සංවිධානය කරන ලද මෙම තරඟාවලිය දින 2 ක් පුරාවට පැවති අතර රෙජිමේන්තු මුලස්ථාන බලඇණිය ඇතුළුව බලඇණි 22 ක් තරඟ වැදුණි.

මේජර් ජෙනරාල් ජේ.ආර් අම්පේමොහොට්ටි විසින් ඔලිම්පික් ගිනි සිළුව දල්වමින් මෙම ක්‍රිඩා තරඟාවලියේ ආරම්භය සනිටුහන් කරන ලදී.

මෙහිදී 15 වන ශ්‍රී ලංකා පාබල හමුදා කණ්ඩායම ශුරතාවය දිනාගත් අතර අනුශුරතාවය ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මුලස්ථාන බලඇණි කණ්ඩායම විසින් දිනාගන්නා ලදී. සැප්තැම්බර් මස 4 වන දින පැවති උළෙලේ සමාප්ති උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මෙන්ම ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරාල් ජේ. ආර් කුලතුංග සපැමිණි අතර ජයග්‍රාහකයින් හට කුසලාන හා සහතික පත් ප්‍රදානය කරන ලදී. ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මුලස්ථාන බලඇණි කණ්ඩායම නියෝජනය කරමින් ලාන්ස් කෝප්‍රල් කේ.ජි.ජි. ඒකනායක තරඟාවලියේ හොඳම මලල ක්‍රීඩකයා ලෙස සම්මාන ලැබීය.spy offers | Air Jordan 1 Mid "Bling" Releasing for Women - Pochta