Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th September 2017 20:39:08 Hours

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ ‘ගාර්ඩියන්ස් මේලා’ උත්සවශ්‍රීයෙන් පැවැත්වේ

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ ‘ගාඩියන්ස් මේලා’ වෙළඳ ප්‍රදර්ශනය සහ සංගිත සංදර්ශනය සිව්වන වරටත් කුරුණැගල, මාලිගාපිටිය ක්‍රීඩාංගනයේ දී සිකුරාදා (08) දින පවත්වනු ලැබීය.

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්නගේ මඟපෙන්වීම යටතේ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ ආබාධිත රණවිරුවන්ගේ සහ මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාපිකයින්ගේ සුභසාධනය සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් සෑම වසරකම මෙම වෙළඳ සංදර්ශනය සංවිධානය කරනු ලබයි. ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්න උත්සවයේ පළමු දින ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වුහ.

විවිධ උත්සව භාණ්ඩ කුටි, රෙදිපිලි, වියළි සහ අත්‍යවශය ආහාර හා අනෙකුත් අවශ්‍ය භාණ්ඩ මිලදි ගැනිම සඳහා ඉඩ ප්‍රස්ථා සලසා ඇති ‘ගාඩියන්ස් මේලා’ ප්‍රදර්ශනයේ පලමු දින (08) රාත්‍රිය ජනප්‍රිය ‘සකුරා’ සංගිත කණ්ඩායමත් අවසාන දින (09) ‘ෆැලැෂ් බැක්’ සංගිත කණ්ඩායමත් විසින් සංගීතවත් කරන ලදී.

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ කර්නල් සේනාවිධායකතුමන්ගේ ආරාධනයෙන් අවසාන දින (සෙනසුරාදා 09) ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස බස්නාහිර පළාත් ආණ්ඩුකාර අමරා පියසිලී රත්නායක මහත්මිය සහාභගිවී උත්සවය විවෘත කරන ලදී.

ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයින්, ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් සහ සාමාන්‍ය වැසියන් විශාල පිරිසක් මෙම වාර්ෂික සංදර්ශනය නැරඹීමට කුරුණැගල, මාලිගාපිටිය ක්‍රීඩාංගනයට පැමිණ සිටියහ.

Nike sneakers | NIKE