Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th July 2019 11:53:05 Hours

ශ්‍රී දළදා පෙරහැර ආලෝකමත් කිරීම සඳහා යුද්ධ හමුදාව 5 වන වරටත් ‘කොප්පරා’ පූජා කරයි

වාර්ෂිකව පවත්වනු ලබන මහනුවර ශ්‍රී දළදා පෙරහැර මංගල්‍යය, මහනුවර විදී ආලෝකමත් කරමින් දින කිහිපයක් පූරා විදී සංචාරය කිරීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් සම්ප්‍රදායිකව අඛණ්ඩව සිදුකරනු ලබන චාරිත්‍රයේ තවත් පියවරක් වශයෙන් 05 වන වරටත් වියළි පොල් (කොප්පරා) ටොන් 05 ක් ඉකුත් සඳුදා (29) දින උදෑසන පූජා කරනු ලැබීය.

විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ඩි.එම්.ඩි.සී.ඩි. ගුණවර්ධන ගේ ආරාධනයකට අනුව සහභාගි වූ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව, සංකේතාත්මකව වියළි පොල් (කොප්පරා) තැටියක් දළදා මාලිගාවේ දියවඬන නිළමේ වන ප්‍රදීප් නිලංග දෑළ බණ්ඩාර මහතා වෙත පිරිනමනු ලැබීය.

මෙම අවස්ථාවට සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්, බුත්තල පිහිටි නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ සේනාවිධායක මේජර් ජෙනරාල් ගුණවර්ධන සමගින් මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ, 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සෙනරත් බණ්ඩාර ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

පූජා කිරීමට නියමිත වියළි පොල් (කොප්පරා) තොගය දළදා මාලිගා පරිශ්‍රයට පෙරහැරකින් රැගෙන ඒමෙන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් දළදා මාලිගාවේ දියවඬන නිළමේ වන ප්‍රදීප් නිලංග දෑළ බණ්ඩාර මහතා සහ සතර මහා දේවාල නියෝජිතයින් වෙත නිල වශයෙන් භාරදෙන ලදී.

වාර්ෂිකව පවත්වනු ලබන ඇසළ පෙරහැර උත්සවයට කරනු ලබන ගෞරවයක් ලෙස පෙරහැර විදී සංචාරය කිරීමේ දී ආලෝකය සැපයීමට දල්වනු ලබන පහන් සඳහා 2015 වසරේ සිට බෝයගනේ පිහිටි විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් වියළි පොල් (කොප්පරා) පූජා කරනු ලැබීය. මෙම පූජනීය කටයුත්ත සඳහා විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් කල්තබා පොල් එක් රැස් කොට කොප්පරා සකස් කරන ලදී.

දියවඩන නිළමේ තුමන්ගේ කාර්යාලයේ දී යුද්ධ හමුදාධිපතිතුමන් සංකේතාත්මකව වියළි පොල් (කොප්පරා) තැටියක් පිරිනැමීමෙන් අනතුරුව ඉදිරි සතියේ දී ආරම්භ කිරීමට නියමිත ඇසළ පෙරහැර මංගල්‍යයේ ආරක්‍ෂක කටයුතු පිළිබඳව සුහද පිළිසඳරක ද නිරත විය. Buy Sneakers | Nike Releases, Launch Links & Raffles