Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

වෙරළ තීරය පිරිසිදු කිරීම සඳහා යාපනය භට පිරිස් හි සහාය

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයට අයත් 512 බලසේනාවේ භට පිරිස් බදාදා (08) දින යාපනය ගුරුනගර් වෙරළ තීරය දිගේ තම බල ප්‍රදේශයේ සිට පන්නායි හන්දිය දක්වා වූ වෙරළ තීරය පිරිසිදු කිරිමේ වැඩසටහන සඳහා සහභාගි වූහ.

‘අපගේ අනාගතය වෙනුවෙන් පරිසරය සුරකිමු’ යන තේමාව යටතේ 512 වන බලසේනාවේ බලසේනාධිපතිගේ උපදෙස් මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.

6 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ, 17 වන ගැමුණු හේවා බලඇණියේ, 14 වන ගජබා රෙජිමේන්තුවේ සහ 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ සෙබලුන් 200 කට වැඩි පිරිසක් ප්‍රදේශයේ සිවිල් වැසියන් සමඟින් මෙම වැඩසටහන සඳහා සහභාගි වූහ.

Nike sneakers | Nike - Sportswear - Nike Tracksuits, Jackets & Trainers