Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th October 2016 10:02:12 Hours

විශේෂ බලකා තරඟකරුවන් අන්තර්ජාතික PACES තරඟාවලියේ දී 3 වන ස්ථානයට

පකිස්තාන යුද හමුදාවේ සංවිධානයෙන් රටවල් 11 ක සහභාගීත්වයෙන් පවත්වන ලද ප්‍රථම ජාත්‍යන්තර‘Physical Agility & Combat Efficiency System’ (PACES - 2016) තරගාවලියේ දී කිලෝමීටර් 3.2 ක් දුරැති ධාවන තරගය, pull-ups, sit-ups, push-ups සහ කාර්යක්ෂම සටන් පරික්ෂණය සඳහා සහභාගි වී 3 වන ස්ථානය හිමි කර ගන්නා ලදි.

භෞත චිකිත්සකවරයකු සහ අතීරේක තරඟකරුවන් ඇතුලු තරඟකරුවන් 25 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම යුද හමුදාපතිගේ උපදෙස් මත පකිස්තානයේ ලාහෝර් හි ඔක්තෝබර් මස 18 සිට 26 දක්වා පැවති PACES තරඟාවලිය සඳහා සහභාගි විය. එහිදි ශ්‍රී ලංකා කණ්ඩායම චීනය, නේපාලය, බහරේන්, පාකිස්තානය, ජෝර්දානය, මාලදිවයින, සෞදි අරාබිය, එංගලන්තය, මැලේසියාව, තුර්කිය යන රටවල තරඟකරුවන් සමඟින් තරඟ කරන ලදි. ඒ අනුව මෙම තරඟාවලියේ දී ප්‍රථම ස්ථානය පකිස්තාන යුද හමුදා කණ්ඩායමත් දෙවන ස්ථානය චීන මහජන හමුදා කණ්ඩායමත් හිමි කර ගනු ලැබීය.

මෙම PACES තරඟාවලිය සෙබලෙකුගේ ශාරීරික හා මානසික සුදානම වර්ධනය කිරීම වෙනුවෙන් නිර්මාණය කර ඇත.

මේ සඳහා සහභාගි වූ කණ්ඩායමේ කළමනාකරු ලෙස විශේෂ බලකායේ මේජර් ජී.ඩබ්.ඊ.කේ. ගනේගොඩ සහභාගි වූ අතර, ලුතිතන් ඊ.එස්.වි.එන්. ජයසිංහ කණ්ඩායම් නායකයා ලෙස කටයුතු කරන ලදි. මෙහිදි බ්‍රිගේඩියර් එච්.පි. රණසිංහ හා කර්නල් ඩි.ජි.එස්. සෙනරත් යාපා සංවර්ධන හා සැලසුම් අවස්ථාව සඳහා මුලිකවම සහභාගි වූ අතර, පසුව නිරික්ෂකයන් ලෙස මෙම තරඟාවලියට සහභාගි විය.

PACES තරඟාවලිය සඳහා සහභාගි වූ විශේෂ බලකා කණ්ඩායම බ්‍රහස්පතින්දා (27) දින සන්ද්‍යාවේ දිවයිනට පැමිණි අතර, විශේෂ බලකා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක සහ යුද හමුදා පුහුණු අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් ජි.වී. රවිප්‍රිය, විශේෂ බකනා නියෝජ්‍ය මධ්‍යස්ථ සේනා විධායක, කර්නල් ජේ.පී.සී පීරිස් ඇතුලු විශේෂ බලකා අනෙකුත් නිලධාරීන් කිහිපදෙනෙකු ද බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දී ඔවුන් පිළිගන්නා ලදි.

මේ අතර, ශ්‍රී ලංකාවේ පකිස්තාන මහකොමසාරිස් කාර්යාලය විසින් යුද හමුදාපති වෙත විශේෂ ලිපියක් එවමින් PACES තරඟාවලිය සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරිපත් කිරිම්, දක්ෂතාවයන් සහ ගුණාංග ඉතා ඉහළින් අගය කොට ඇත. පකිස්තාන හමුදා පුහුණු අධ්‍යක්ෂක මණ්ඩලය මඟින් සංවිධානය කරනු ලැබූ මෙවැනිම තරඟාවලියක් මීටපෙර ද පවත්වා ඇති අතර, ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කමාන්ඩෝ රෙජිමේන්තු කණ්ඩායමක් සහභාගි වී ඇත.

Sneakers Store | Best Nike Air Max Shoes 2021 , Air Max Releases and Deals