Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th July 2018 11:39:01 Hours

විශාඛාවන්ගේ ‘වර්ණ රාත්‍රියේ’ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපතිතුමන් සහභාගි වේ

කොළඹ, විශාඛා විද්‍යාලයේ සිකුරාදා (06) දින සන්ධ්‍යාවේ පැවැති ‘2017 - වර්ණ රාත්‍රියේ’ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විශාඛා විද්‍යාලයේ විදුහල්පතිණි සඳමාලි අවිරුප්පොල මහත්මියගේ ආරාධනයකට අනුව සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ඉතා උණුසුම් හා මහත් ගෞරවයෙන් යුතුව පිළිගනු ලැබීය.

විශාඛාවන්, ක්‍රීඩා ක්ෂේත්‍රයෙන් 2017 වසරේ දී පාසලට කීර්තියක් අත්කරදෙමින් පාසලේ ක්‍රීඩා තරඟ මෙන්ම බාහිර තරඟවලදී ද දැක්වූ දක්‍ෂතාවයන් මෙම ‘වර්ණ රාත්‍රියේ’ දී පැසසුමට ලක් කෙරිණි.

විද්‍යාල පරිශ්‍රයට සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක වෙත එම විද්‍යාලයේ ශිෂ්‍යභට බාලිකාවන් විසින් ආචාරය පුද කල අතර විදුහල්පතිතුමිය සහ ජ්‍යෙෂ්ඨ ගුරුවන්රුන් කිහිපදෙනෙකු විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

මෙම ‘වර්ණ රාත්‍රියේ’ පිළිගැනීමේ කථාව සිදුකල විදුහල්පතිණි සඳමාලි අවිරුප්පොල මහත්මිය විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් යුද්ධ හමුදාධිපතිතුමන්ට ආරාධනා කිරීම පිළිබඳව අදහස් දක්වමින් “යුද්ධ හමුදාධිපතිතුමන් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා ගනු ලබන අප්‍රතිහත උත්සාහයන් මෙම ආරාධනාව ඉදිරිපත් කිරීමට මා දිරීමත් කල බව” පැවසීය.

විශාඛාවන් විසින් ප්‍රේක්‍ෂකයන් විස්මයට පත් කරමින් සංස්කෘතික හා නර්තන අංගයන් රැසක් ඉදිරිපත් කරමින් මෙම රාත්‍රිය වර්ණවත් කළහ.

අනතුරුව, 2017 වසරේ දක්‍ෂතම ක්‍රීඩිකාව සහ 2017 වසරේ දක්‍ෂතම කණ්ඩායම් ක්‍රීඩිකාවට වර්ණ ප්‍රදානය කිරීම සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තාට ආරාධනා කරනු ලැබීය. මෙහිදි, ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් තවත් දක්‍ෂතා දැක්වු සිසුවියන් කිහිපදෙනෙකුට කුසලාන සහ සහතිකපත් ප්‍රදානය කරනු ලැබීය.

මෙහිදි අදහස් දැක්වූ යුද්ධ හමුදාධිපතිතුමන්, ක්‍රීඩාවේ වැදගත්කම සහ ඒ සඳහා මනස හා ශරීරය වර්ධනය කරගැනීමේ වැදගත්කම අවධාරණය කළහ. තවද “දක්ෂතාවලින් පරිපුර්ණ පිරිසකගෙන් සැඳුම්ලත් යුද්ධ හමුදාව ක්‍රීඩා ක්ෂේත්‍රයේ ද බොහෝ දක්‍ෂතා දක්වන බවට තහවුරු කර ඇත. ඔවුන්ගේ ක්‍රීඩා කෞෂල්‍යයන් ජාත්‍යන්තර මට්ටමෙන් ද අප දැක අත්තෙමු” යුද්ධ හමුදාධිපතිතුමන් වැඩිදුරටත් පැවසීය.

මෙම ‘වර්ණ රාත්‍රිය’ සඳහා විද්‍යාලයේ සිසුන්, ගුරුවරුන් සහ දෙමාපියන් රැසක් එක්ව සිටියහ.

Sports Shoes | Air Jordan 1 Mid "Bling" Releasing for Women - Pochta