Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

31st March 2016 18:41:45 Hours

විශ්‍රාමික හමුදා සාමාජිකයින් සඳහා දීඝවාපි විහාරස්ථානයේ දී වෛද්‍ය සායනයක්

නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 24 වන සේනාංකයට අයත් 242 බලසේනාවේ සහ 11 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් පසුගිය සිකුරාදා (18) දින දීඝවාපි විහාරස්ථානයේ දී වෛද්‍ය සායනයක් සහ ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වන ලදි. දීඝවාපීය, එරගම, හිගුරන සහ ඒ අවට ගම්මානයන්හි විශ්‍රාමික යුද හමුදා භට පිරිස් මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සහ සිවිල් ජනතාව වෙත සහාය දැක්වීම මෙම වෛද්‍ය සායනය පැවැත්වීමේ අරමුණ විය. මේ සඳහා වෛද්‍යාධාර අම්පාර මූලික රෝහලේ කාර්ය මණ්ඩලය විසින් ලබා දී ඇත. මෙම වැඩසටහන සඳහා 5 වන ශ්‍රී ලංකා වෛද්‍ය බලකායේ වෛද්‍ය නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය සහභාගි වූ අතර, සෙබලුන් 35 දෙනෙකු ලේ පරිත්‍යාග කරනු ලැබීය. වෛද්‍ය සායනය සඳහා සිවිල් වැසියන් ඇතුලු යුද හමුදා විශ්‍රාමික භට පිරිස් 632 දෙනෙකු සහභාගි වූහ.jordan Sneakers | Best Selling Air Jordan 1 Mid Light Smoke Grey For Sale 554724-092