Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd April 2017 12:49:33 Hours

විශ්‍රාම යන විධායක ජෙනරාල් වෙත සිය රෙජිමේන්තුවේ ආචාරය

යුද හමුදාවට සහ රෙජිමේන්තුවට කරන ලද ආදර්ශමත් සේවය අගයනු වස් හිටපු විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් ඒ.එස්. ද ඉසෙඩ්. වික්‍රමරත්න හට ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව විසින් ආචාරය පුද කිරිම වෙනුවෙන් යුද හමුදා සම්ප්‍රදානුකුලව උත්සවයක් අප්‍රේල් (01) වන සෙනසුරාදා දින පනාගොඩ යුද හමුදා ජනපදය පිහිටි එම රෙජිමේන්තු මුලස්ථානයේ දී පැවැත්විය.

උත්සවයේ වැඩ කටයුතු වල ආරම්භය සනිටුහන් වුයේ මේජර් ජෙනරාල් වික්‍රමරත්න විසින් ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ මියගිය රණවිරුවන් අනුස්මරණය කරමින් සහ එම මුලස්ථානයේ පිහිටි රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුද කරමිනි.

කාලතුවක්කු බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එන්.එල්.කේ.සමරසිංහ සහ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඩි.එම්.එ්.පි. දිසානායක විසින් විශ්‍රාම යන මේජර් ජෙනරාල් වික්‍රමරත්න පිළිගන්නා ලදී. අනතුරුව, 6 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා භට පිරිස් විසින් කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් පිරිනැමුහ.

ආකර්ශණිය වුත් අලංකාර වුත් යුද හමුදා සම්ප්‍රදානුකුල පෙළපාලිය මේජර් ජෙනරාල් වික්‍රමරත්න විසින් පරික්ෂා කළ අතර, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා මධ්‍යස්ථාන සේනාවිධායකතුමන් ද මේ සඳහා එක්විය.

මෙහිදි සහභාගි වු පිරිස රෙජිමේන්තු සරඹ භුමියේ දී සහ ජ්‍යෙකොනොනි නිවස්නයේ දී ඇමතු මේජර් ජෙනරාල් වික්‍රමරත්න තම සේවා කාලය තුළදි තමන්ට සහයෝගය ලබාදුන් නිලධාරින්ට සහ සෙසුනිලයින්ට සිය කෘතඥතාවය පළ කර සිටියහ.

ඉන් පසුව මේජර් ජෙනරාල් වික්‍රමරත්න සමඟ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ නිලධාරින් සමුහ ඡායාරූපයකට ද පෙනි සිටියහ.

විශ්‍රාම යන මේජර් ජෙනරාල් වික්‍රමරත්න විසින් ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා මුලස්ථාන පරිශ්‍රයේ දී පැළයක් රෝපණය කළ අතර, සියලුනිල තේපැන් සංග්‍රහයක් ද පැවැත්විනි. අනතුරුව විශේෂ අමුත්තන් සඳහා වු පොතේහිද අත්සන් තබන ලදී.

එහිදි ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා රෙජිමේන්තු සැරයන් මේජර් විසින් මේජර් ජෙනරාල් වික්‍රමරත්න වෙත කාලතුවක්කු රෙජිමේන්තුවට සිදු කරන ලද සේවය සිහිපත් විමට සමරු තිළිණයක් ද පිරිනමන ලදී.

උත්සවයේ අවසානය සනිටුහන් කරමින් සියලුනිල භෝජන සංග්‍රහයක් ද පැවැත්විනි.

රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් මෙම අවස්ථාවට සහභාගි විය.

latest Nike Sneakers | Nike Air Force 1'07 Essential blanche et or femme - Chaussures Baskets femme - Gov