Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th August 2016 20:23:18 Hours

විශ්‍රාම යන මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් වෙත හමුදා ආචාරය

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි මෙන්ම ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් වෙත යුද හමුදාවට සහ තම මව්බිමට සිදු කරන ලද අනුපමේය සේවය අගයමින් යුද හමුදා දිවියෙන් සමුගැනීම සනිටුහන් කරමින් හමුදා සම්ප්‍රදායානුකූලව පවත්වන ලද උත්සවය බ්‍රහස්පතින්දා (11) දින කොළඹ රොක්හවුස්හි පිහිටි ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු මූලස්ථානයේ දී පවත්වන ලදී. එහිදී මේජර් ජෙනරාල් මිලින්ද පිරිස් වෙත කඳවුරු සම්මාන මුරයක් පිරිනැමු අතර, අනතුරුව 1 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් එල්.කේ.ටී. ප්‍රනාන්දු විසින් පිළිගන්නා ලදි. එමෙන්ම, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඩී.ටී. ගමගේ සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ආර්.ජි.යූ. රාජපක්ෂ විසින් මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව සරඹ භූමියේ දී එම බලකා භට පිරිස් විසින් ආචාර සම්මාන මුරයක් ද පිරිනැමීය. මෙහිදි නික්ම යන කර්නල් සේනාවිධායක විසින් උත්කර්ෂවත් සම්මාන පෙළපාලිය නිරීක්ෂණය කළ අතර, පෙළපාලියේ අණදෙන නිලධාරි මෙන්ම බ්‍රිගේඩියර් ඩි.ටි. ගමගේ සහ බ්‍රිගේඩියර් ආර්.ජි.යූ. රාජපක්ෂ ද මීට එක්ව සිටියහ. අනතුරුව, මේජර් ජෙනරාල් මිලින්ද පිරිස් විසින් කර්නල් සේනාවිධායක තනතුරෙහි වගකීම් නිල වශයෙන් අත්සන් තබමින් ඔහුගේ අනුප්‍රාප්තික නිලධාරී හට භාරදෙන ලදි. තවද, රොක් හවුස් කඳවුරු පරිශ්‍ර යේ පැළයක් රෝපනය කිරීම ද, කොමිෂන් නොලත් නිලධාරී සමාජ ශාලාවේ දී සියලු නිලයින් සමගින් තේ පැන් සංග්‍රහයකට සහභාගිවීම ද සිදු කළ අතර, ඒ සමඟින් එදින වැඩසටහන නිමාවට පත්විය. නික්මයන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සේවා වනීතා ඒකකයේ සභාපතිනි නිලංජනී පිරිස් මහත්මිය ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ. මෙම උත්සවයේ අවසානය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා නිලධාරීන් සහ සෙසු නිලයින් විසින් නික්මයන කර්නල් සේනාවිධායක වෙත ‘ජය ශ්‍රී’ කීම සිදුකරන ලදි. විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් නන්දන උඩවත්ත, අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් බි.ඒ. පෙරේරා, ආරක්ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධිකරණ නිලධාරී මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසු නිලයින් ද මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ. තවද, මේජර් ජෙනරාල් මිලින්ද පිරිස් වෙනුවෙන් තවත් සමුගැනීමේ සාදයක් බදාදා සන්ද්‍යාවේ රොක් හවුස් කඳවුරේ දී පැවැත් වූ අතර, එහි ප්‍රධාන අමුත්තා ලෙස යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සහභාගි විය.Best jordan Sneakers | adidas Yeezy Boost 350