Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th May 2018 18:38:10 Hours

විශ්වවිද්‍යාල සිසුන් සඳහා ශ්‍රී ලංකා සංඥා බලකාය වෙතින් පාඨමාලාවක්

වඩාත් ප්‍රමුඛතම පුහුණු මධ්‍යස්ථානයක් ලෙස පිළිගැනෙන පනාගොඩ ශ්‍රී ලංකා සංඥා බලකා මූලස්ථානයේ දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල උපාධි අපේක්ෂකයින් සඳහා ‘නුතන සමාජ ආචාර ධර්ම සහ පුද්ගල සංවර්ධනය’ (Modern Social Etiquette & Individual Grooming) පිළිබඳ පාඨමාලාවක් පවත්වන ලදි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ පිඨයේ ව්‍යවසායකත්වය පිළිබඳ විශේෂ විද්‍යාවේදී උපාධි පාඨමාලාව හදාරන සිසුන් සෙනසුරාදා (26) දින පැවති මෙම පාඨමාලාව සඳහා සහභාගි විය.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක වෙත කළ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා සංඥා බලකා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් අජිත් විජේසිංහ ගේ මඟපෙන්විම යටතේ මෙම එක්දින වැඩසටහන සඳහා අවශ්‍ය පහසුකම් සලසනු ලැබීය.

Asics footwear | GOLF NIKE SHOES