Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th July 2018 19:01:41 Hours

වියළි සලාක බෙදාදීම සඳහා මඩකලපුව භටපිරිස් හි සහාය

මඩකලපුව දිස්ත්‍රික්කයේ අඩු ආදායම් ලාභී දමිළ සහ මුස්ලිම් සිවිල් වැසියන් සඳහා වියළි සලාක මළු 7000 ක් බෙදාදීමේ කටයුතු බදාදා (25) දින සිදු කළ අතර, ඒ සඳහා එම ප්‍රදේශයේ සේවයේ නියුතු යුද්ධ හමුදා භට පිරිස් සහාය දක්වන ලදි.

පසුගියදා පැවති ශුද්ධවූ රාමසාන් උත්සවයට සමගාමිව එම්. සී. ඒ හමීඩ් හාජියාර් පදනම (M. C. A Hameed Hajiyar Trust in Arayampathi) විසින් මඩකළපුව සහ තදාසන්න ප්‍රදේශවල දරිද්‍රතාවයෙන් පෙළෙන සිවිල් වැසියන් වෙත වියළි සලාක බෙදාදීම සඳහා අනුග්‍රහය දක්වනු ලැබීය. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල සහභාගි වූ අතර, 23 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් චූල අබේනායක සහ 231 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සෙනරත් නිවුන්හැල්ල ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

එම ප්‍රදේශවල ජීවත්වන මුස්ලිම් සහ දෙමළ ජනතාව අතර සහයෝගීතාවය, සාමය හා සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම මෙහි අරමුණ විය.

231 වන බලසේනාව යටතේ ස්ථාපිත 11 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් මෙම වැඩසටහනේ සියලු කටයුතු සංවිධානය කරනු ලැබීය. latest jordan Sneakers | NIKE AIR HUARACHE