Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th September 2018 19:16:00 Hours

වියළි කාලගුණික තත්වයෙන් පීඩා විදින කිලිනොච්චි සිවිල් වැසියන් හට පානීය ජලය

කිලිනොච්චි ප්‍රදේශයේ මේ දිනවල පවතින් වියළි කාලගුණික තත්වය හේතුවෙන් සහ ජලය නොමැතිකමින් පීඩා විදින සිවිල් වැසියන් සඳහා සිය මිත්‍රත්වයේ දෑත් දිගු කරමින් කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයට අයත් 571 වන බලසේනාවේ 9 වන විජයබාහු පාබල රෙජිමේන්තු භට පිරිස් විසින් පානීය ජලය ලබා දීමේ ව්‍යාපෘතියක් අරඹන ලදී.

57 වන සේනාංකයේ දැනුම් දීමකට අනුව යුද්ධ හමුදා ජල බවුසර් උපයෝගී කර ගනිමින් මෙම වියළි කාලගුණික තත්වය නිසා පීඩා විදින සිවිල් වැසියන් සඳහා මාර්ගය දෙපස තබා ඇති ජල ටැංකි සහ සිවිල් වැසියන්ගේ පෞද්ගලික උපකරණ වලට ද ජලය පිරවීම සිදුකරන ලද අතර ප්‍රදේශයේ පවුල් 350 කට වැඩි ගණනක්, භාරතීපුරම් මහා විද්‍යාලාය සහ අනෛසාරදා කනිෂ්ඨ විද්‍යාලය ද මෙමගින් ප්‍රතිලාභ ලබාගත්හ. මෙම මානුෂීය මෙහෙවර පසුගිය සෙනසුරාදා (1) දින ඇරඹී අතර බොහෝදෙනාගේ ඇගයීමට ද ලක්විය. Nike Sneakers | Air Jordan Release Dates 2020