Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th November 2017 13:28:56 Hours

විදේශීය ගොල්ෆ් ක්‍රීඩකයින් රැසකගේ සහභාගීත්වයෙන් ලෝක හමුදා ගොල්ෆ් ශුරතා තරඟාවලිය ත්‍රිකුණාමලයේදී

අන්තර් ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිලය (CISM) යටතේ 11 වන ලෝක හමුදා ගොල්ෆ් ශුරතාවලිය - 2017 මෙවර ශ්‍රී ලංකාවේදි නොවැම්බර් මස 12 දින සිට 19 දින දක්වා දින 8 ක් පුරාවට පැවැත්වේ‍. මේ සඳහා බහරේන්, කැනඩාව, එස්තෝනියාව, ප්‍රංශය, ජර්මනිය, නෙදර්ලන්තය, ස්පාඤ්ඤය, ඇමෙරිකා එක්සත් ජනපදය සහ සිම්බාබ්වේ යන විදේශීය රටවල්වල ගෝල්ෆ් ක්‍රීඩකයින් රැසක් සහභාගීවන අතර ඹවුන්ට තරඟාවලිය සඳහා ක්‍රීඩා කිරිමට අමතරව තවත් විනෝදාස්වාදය ලබාදිමේ ක්‍රියාකාරකම් ද ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මුලීකත්වයෙන් සංවිධානය කර ඇත.

ලෝක හමුදා ගොල්ෆ් ශුරතා තරඟාවලියේ සමාරම්භක උත්සවය අද (13) උදෑසන ත්‍රිකුණාමලය, චීන වරාය ඊගල් ගොල්ෆ් ක්‍රීඩා පිටියේදී ආරම්භ වු අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න සහභාගි වීය.

යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රධාන මාණ්ඩලික එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස්, ගුවන් හමුදා කළමණාකරන මණ්ඩලයේ සමාජිකයින් සහ ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් ද ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පවත්වනු ලබන මෙම ‍ඓතිහාසික අවස්ථාව සඳහා එක් ව සිටියහ.

අන්තර් ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිලයේ ඉතිහාසය හා ක්‍රීඩාව පිළිබඳ මතක ආවර්ජනයකින් පසු ලෝක හමුදා ගොල්ෆ් ශුරතා තරඟාවලියේ මුලික වටයේ තරඟ ත්‍රිකුණාමලයේ දී සඳුදා (13) දින දහවල් ආරම්භ විය.

2016 වර්ෂයේ නෙදර්ලන්තයේ පැවති 10 වන ලෝක හමුදා ගොල්ෆ් ශුරතා තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව සහභාගිවු අතර ලෝක හමුදා ගොල්ෆ් ශුරතා තරඟාවලියක් ශ්‍රී ලංකාවේ දී පවත්වනු ලබන ප්‍රථම අවස්ථාව මෙය වේ.

යුද්ධ හමුදා ගොල්ෆ් කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ආරක්ෂක සේවා ගොල්ෆ් සංගමයේ ප්‍රධානි බ්‍රීගේඩියර් නන්ද හතුරුසිංහ, කෝප්‍රල් පි.ඩබ්ලිව්.ඒ.ඩි. පුෂ්පකුමාර, ඉංජිනේරු සෙබළ අයි.පි.පි.කේ. ඉලංගරත්න සහ ලාන්ස් කෝප්‍රල් ආර්.එම්.ඒ.සී. රත්නායක ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගොල්ෆ් කමිටුව නියෝජනය කරමින් මෙම තරඟාවලිය සඳහා සහභාගි විය.

අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිලය ලෝකයේ පවතින විශාලතම බහුවිධ සංවිධානයක් වේ. මෙමඟින් එහි සාමාජික රටවල් 136 ක සන්නද්ධ හමුදාවන් සඳහා විවිධ ක්‍රීඩා ඉසව් සංවිධානය කරනු ලබන අතර මෙම සංවිධානය ලොව විශාලතම ක්‍රීඩා මෙන්ම විනයානුකුල ආයතනයක් ‍වේ.

අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිලය විසින් වාර්ෂිකව ලෝක හමුදා ශුරතා තරඟාවලි 20 කට වැඩි ප්‍රමාණයක්, මහාද්විපික හා කලාපීය වශයෙන් විවිධ ක්‍රීඩා ඉසව් 30 ක් හා ලෝක හමුදා ක්‍රීඩා, ශීත සෘතු ක්‍රීඩා සහ ලෝක ශිෂ්‍ය භට ක්‍රීඩා තරඟාවලි වශයෙන් සංවිධානය කරනු ලබයි.

Adidas footwear | ナイキ エア マックス エクシー "コルク/ホワイト" (NIKE AIR MAX EXCEE "Cork/White") [DJ1975-100] , Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信!