Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th July 2017 18:01:58 Hours

විදේශීය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින් යුද්ධ හමුදාධිපති හමුවේ

ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය නියෝජය මහා කොමසාරිස් සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද ආරක්ෂක උපදේශක බ්‍රහස්පතින්දා (27) සහ සිකුරාදා (28) යන දෙදින තුළ අවස්ථා තුනකදි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක යුද්ධ හමුදා මුලස්ථානයේ දී හමුවිය.

ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති ගරු ටන්කා ඔසුචදර් මැතිතුමා සහ යුද්ධ හමුදාධිපතිවරයා අතර පැවති සුහද හමුවේදි යුද්ධ හමුදාධිපතිතුමාගේ නව තනතුරට සිය සුභ පැතුම් එක්කළ තනාපතිවරයා දෙරට අතර පවතින මිතුදම, වෙළඳ සම්බන්ධතා පිළිබඳව සිහිපත් කරමින් දෙරටට අන්නෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව ද සාකච්ඡා කරනු ලැබීය.

මෙම සුහද හමුව අවසානයේ ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් තානාපතිවරයා වෙත සමරු තිළිණයක් ද පිරිනමන ලදි.

එම අවස්ථාව සඳහා තුර්කි තනාපති කාර්යාලයේ තෙවන ලේකම් නසාන් ඩෙන්සි මහත්මිය ද එක්ව සිටියහ.

එමෙන්ම, නවතමයෙන් පත්වන ලද ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ බ්‍රිතාන්‍ය නියෝජය මහා කොමසාරිස් ටොම් බර්න් මහතා සහ එම කාර්යාල ආරක්ෂක උපදේශක සිකුරාදා (28) දින යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපතිතුමා හමුවිය.

මෙම සුහද හමුවේදි දේපාර්ශවය විසින් දෙරටට ද්වීපාර්ශීය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡා කළ අතර, ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් ශ්‍රී ලංකාව හා බ්‍රිතාන්‍ය අතර පවතින සහයෝගීතාව සහ සුහදත්වය පිළිබඳව අගය කරමින් නියෝජ්‍ය මහා කොමසාරිස්වරයාගේ නව තනතුර සඳහා සිය සුභ පැතුම් ද එක් කළහ.

මෙම සුහද හමුව අවසානයේ ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් නව නියෝජ්‍ය මහා කොමසාරිස්වරයා වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කළහ.

මේ අතර, ශ්‍රී ලංකාවේ පිහිටි ඇමරිකානු එක්සත් ජනපද තානපති කර්යාලයේ නවතමයෙන් පත්වු ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් ඩග්ලස් හේස් අඟහරුවාදා (27) දින යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.

මෙම සුහද හමුවේදි දේපාර්ශවය අතර, ද්වීපාර්ශීය වශයෙන් වැදගත්වන කරුණු පිළිබඳව සාකච්ඡා කළ අතර, හමුුව අවසානයේ යුද්ධ හමුදාධිපතිතුමා විසින් නව ආරක්ෂක උපදේශකවරයා වෙත සමරු තිළිණයක් ද පිරිනැමුහ.

latest Running | 2021 New adidas YEEZY BOOST 350 V2 "Ash Stone" GW0089 , Ietp