Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th December 2015 14:03:52 Hours

විදෙස් සිසුන් ද ඇතුලත්ව ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විදුහලේ තවත් උපාධිධාරි කණ්ඩායමක් විසිර යති

සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ තවත් ශිෂ්‍ය නිලධාරිහු පිරිසක් පාඨමාලා අංක 9 යටතේ පීඑස්සී (මාණ්ඩලික පාඨමාලාව සමත්) පාඨමාලාව සම්පූර්ණ කොට විසිර ගියහ. විදෙස් ශිෂ්‍ය නිලධාරීන් 15 ක් ඇතුලත්ව ත්‍රිවිධ හමුදාවේ විසිර ගිය සම්පූර්ණ නිලධාරි ගණන 114 කි. ඒ වෙනුවෙන් උපාධි ප්‍රදානෝත්සවය බ්‍රහස්පතින්දා (17) පස්වරුවේ එම විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විනි. ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරාල් උදය පෙරේරාගේ ආරාධනය අනූව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වූහ. එමෙන්ම හිටපු යුද හමුදාපතිවරු, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා, නාවික හා ගුවන් හමුදාපතිවරු, උපාධිධාරි සාමාජිකයින්, ආරක්ෂක අමාත්‍යාංශ නිලධාරීන්, උපාධිධාරීන්ගේ පවුල්වල ඥාතීන් ඇතුලු විශාල පිරිසක් ද මීට සහභාගි වූහ. යුද හමුදාවේ 60ක්, නාවික හමුදාවේ 19 ක්, ගුවන් හමුදාවේ 19 ක් සහ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ එක් නිලධාරියෙක් මෙලෙස වසරක කාලයක් පුහුණුව ලැබීය. මෙම පාඨමාලාවේ 14 දෙනෙකුගේ යුත් විදෙස් ශිෂ්‍ය නිලධාරී පිරිස බංගලාදේශය, චීනය, ඉන්දුනීසියාව, මාලදිවයින, මැලේසියාව, නේපාලය, ඕමානය, පකිස්තානය, රුවන්ඩා සහ උගන්ඩ යන රටවලට අයත් වූහ. උත්සවය ආරම්භ කිරීමට ප්‍රථම දේශය වෙනුවෙන් දිවි පිදූ සියලු රණවිරුවන් සිහිපත් කරමින් උපහාර දැක්වීය. මෙම පාඨමාලාව හැදෑරීමේ දී විශිෂ්ට දක්ෂතා දැක් වූ ශිෂ්‍ය නිලධාරීන්ට විශේෂ සම්මාන පිරිනැමීම ඉන් අනතුරුව සිදු කෙරිනි. එහි දී රන් බස්සා (රනින් නිම කළ) සම්මානය යුද හමුදාව වෙනුවෙන් මේජර් එල්.එල්.අයි.එස් ලොකුලියනගේ ද නාවික හමුදාව වෙනුවෙන් කමාන්ඩර් ආර්.එම්.එල් රත්නතිලක සහ ගුවන් හමුදාව වෙනුවෙන් වින්ග් කමාන්ඩර් ඩබ්.යූ.එස් ද සිල්වා දිනා ගනු ලැබීය. හොඳම පර්යේෂණ නිබන්ධනය පිරිනැමෙන රන් පෑන සම්මානය දිනා ගනු ලැබුවේ ලුතිතන් කමාන්ඩර් (ඒඑස් ඩබ්) විදානගේ නිලධාරි විසිනි. විදෙස් සිසුන් දෙදෙනෙක් ද සම්මානයට පාත්‍ර විය. බංග්ලාදේශයේ මේජර් කේ.එම් මෙහෙදි හසන් සහ එම්.ඩී ඕමාර් කරීම් එම දෙදෙනායි. මෙම උත්සවයේ දී වාර්ෂිකව නිකුත් කෙරෙන ‘ද අවුලට් ’ සඟරාව ආරාධිතයින් වෙත පිරිනැමීම ද සිදු කෙරිනි. ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරාල් උදය පෙරේරා සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා ද මෙම අවස්ථාව ඇමතීය. යුද හමුදා අණ හා මාණ්ඩලික විදුහල ලෙස ඇරඹි මෙම විදුහලේ ප්‍රථම පාඨමාලාලාභීන් ගණන 26 දෙනෙක් වූහ. ශ්‍රී ලංකා යුද හමුදාවේ තෝරා ගත් නිලධාරින් සඳහා වෘත්තීය දැනුම වර්ධනය කිරීම සඳහා මෙම පාඨමාලාව පැවැත්විනි. පසුව ඒ සඳහා නාවික සහ ගුවන් හමුදා නිලධාරින් ද එක් කොට ගනු ලැබීය. 2007 වසරේ දී යුද නාවික සහ ගුවන් හමුදා නිලධාරින් සමඟින් මෙහි ප්‍රථම ඒකාබද්ධ පාඨමාලාව ඇරඹිනි. එදාමෙදා තුර දේශීය නිලධාරින් 570 දෙනෙක් සහ විදෙස් නිලධාරීන් 57 දෙනෙක් මෙම මාණ්ඩලික පාඨමාලාව සමත් වූහ. Running Sneakers | adidas Yeezy Boost 350