Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd December 2017 14:29:17 Hours

විදුලිය බිඳවැටිම් යථා තත්ත්වයට පත් කිරීමට සහ සහන සේවා කටයුතු සඳහා තවදුරටත් භට පිරිස් සහාය

අයහපත් කාලගුණයත් සමඟ පසුගිය දින කිහිපය තුල අදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් ඇතිවු හදිසි ගංවතුර තත්ත්වයෙන් විපතට පත් ප්‍රදේශයන්හි සෝදිසි මෙහෙයුම් යුද්ධ හමුදාව විසින් ආරම්භ කර ඇති අතර, යුද්ධ හමුදා නිලධාරින් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 500 කට වැඩි පිරිසක් මේ වනවිටත් ප්‍රදේශයන්හි ගලවා ගැනීමේ සහ සහන මෙහෙයුම් වල නිරතව සිටියි.

කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම, මිල්ලේණිය, මතුගම, වලල්ලාවීට, බේරුවල, කළුතර, හොරණ යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයන් හීවිදුලිය ඇණහිටිම් කඩිනමින් නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 40 දෙනෙකු, 10 දෙනා බැගින් කණ්ඩායම් හතරකට බෙදී ලංකා විදුලිබල මණ්ඩලයේ බලධාරින් සමඟ එක්වකටයුතු කරමින් සිටියි.

බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 58 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් සුමිත් අතපත්තුගේ උපදෙස් මත 582 වන බලසේනාව යටතේ සේවයේ නියුතු 9 වන ගැමුණු හේවා බළඇණියේ භට පිරිස්, ලංකා විදුලිබල මණ්ඩලය සහ ප්‍රදේශීය ලේකම් කාර්යාල බලධාරින් සමඟ එක්ව ප්‍රදේශයන්හි ඇණහිට තිබු විදුලිය යථා තත්ත්වයට පත් කරමින් මාර්ගයන්ට කඩා වැටුණු ගස් සහ බාධක ඉවත් කර ගමනා ගමනය නැවත යථා තත්ත්වයට පත් කර ආපදාවට ලක්වු ප්‍රදේශයන්හි අවතැන් වු ජනතාවගේ අවශ්‍යතාවයන් සොයාබලමින් සහන සේවා කටයුතු වල සෙනසුරාදා (02) දිනත් නියැලෙමින් සිටියහ.

582 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සාරද සමරකෝන් ගේ අධීක්ෂණය යටතේ 9 වන ගැමුණු හේවා බලඇණියේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ප්‍රසන්න කරුණානායක සමඟින් භට පිරස් කළුතර දිස්ත්‍රික්කයේ ආපදාවන්ට ලක්වුවන් වෙනුවෙන් අනෙකුත් සහන සේවා කටයුතු වල මේ වනවිටත් නිරතව සිටියි.

යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ උපදෙස් මත යුද්ධ හමුදා භට පිරිස් දිවයින පුරා හදිසි ආපදා තත්ත්වයන් ඇතිවු ප්‍රදේශයන්හි විවිධ රාජ්‍ය ආයතන සහ අනෙකුත් ආයතන සමඟ සමීප සහයෝගයෙන් තවදුරටත් සහන සේවා කටයුතු වල නිරතව සිටියි.

එමෙන්ම, බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය සහ මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය විසින් හදිසි ගංවතුර ආපදා තත්ත්වයෙන් අවතැන් වු ජනතාව වෙත සහන සේවා කටයුතු සහ අනෙකුත් අවශ්‍යතාවයන් තවදුරටත්සපුරමින් සිටියි.

Asics shoes | Nike SB Dunk High Hawaii , Where To Buy , CZ2232-300 , Worldarchitecturefestival