Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th November 2017 07:36:56 Hours

විද්‍යා සිසුවියගේ 21 වන උපන්දිනය සිහිපත් කරමින් පරිත්‍යාග වැඩසටහනක්

2015 වර්ෂයේ මැයි මසයේ දී සහාසිකයින් පිරිසක් විසින් අමානුෂික ලෙස ඝාතනය කරන ලද විද්‍යා සීවලෝගනාදන් සිසුවියගේ 21 වන උපන්දිනය සිහිපත් කරමින් පරිත්‍යාගශීලින් කණ්ඩායමක් විසින් යාපනය පුන්ගුඩතිව් මහා විද්‍යාලයේ සිසුන් වෙනුවෙන් පාසල් පොත් සහ පාසල් උපකරණ තොගයක් සෙනසුරාදා (25) දින පරිත්‍යාග කරනු ලැබීය.

විද්‍යා සිසුවියගේ 21 වන උපන්දිනය සිහිකරමින් එම විද්‍යාලයට පැමිණි සුනේත්‍රා වීරසිංහ මහත්මිය, නන්දලාල් මලාගොඩ මහතා, මොහාන් ශන්කර් මහතා සහ වදනි ශන්කර් මහත්මිය ඇතුළු ධානපති පිරිස පුන්ගුඩතිව් මහා විද්‍යාලයේ සිසුන් වෙනුවෙන් පාපැදි, පාසල් බෑග්, සපත්තු, පොත් සහ ලිපි ද්‍රව්‍ය තොගයක් මෙසේ පරිත්‍යාග කරනු ලැබුහ.

මීට අමතරව, මියගිය විද්‍යා සීවලෝගනාදන් සිසුවියගේ මවට ද එම පිරිස මුල්‍ය පරිත්‍යාගයක් සිදු කරන ලදි.

තවද, පරිත්‍යාගශීලින් පිරිස අතර වූ මොහාන් ශන්කර් මහතා එම විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 10 දෙනෙකු වෙනුවෙන් මසකට රුපියල් 2500/= බැගින් ශීෂ්‍යත්ව දීමනා 10 ක් පිරිනැමීම එහිදි සිදුවිය. පුන්කුඩතිව් මහා විද්‍යාලයේ පාපන්දු ක්‍රීඩාංගනය ප්‍රතිසංස්කරණය කිරීමට සහ පාසලේ සියලුම පාපන්දු ක්‍රීඩකයින්ට පාපන්දු පාවහන් යුගල් මිලදී ගැනීමට කටයුතු කිරීමට ද මොහාන් ශන්කර් මහතා පරිත්‍යාගශීලි විය.

යාපනය දිස්ත්‍රික් පාපන්දු තරඟාවලියේ ශුරතාවය පුන්ගුඩතිව් මහා විද්‍යාලයේ පාපන්දු කණ්ඩයම විසින් හිමිකරගත් අතර, අනෙකුත් සියලු කණ්ඩායම් පරාජය කරමින් ඔවුන් එම ජයග්‍රහණය අත් කරගනු ලැබුවේ පාපන්දු ක්‍රීඩා කරන පාවහන් නොමැතිව තරඟ වදිමිණි.

යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි වෙතින් සිදු කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් එම ආරක්ෂක සේනා මුලස්ථානයේ භට පිරිස් මෙම පාසල් සත්කාරක වැඩසටහන සම්බන්ධීකරණය කරන ලදි.

මෙම අවස්ථාවට යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි, යුද්ධ හමුදා නිලධාරින්, ගුරුවරුන්, සිසුන් සහ දෙමාපියන් රැසක් ද එක්ව සිටියහ.

Nike air jordan Sneakers | Nike