Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

31st December 2017 21:33:08 Hours

විද්‍යා පදනමේ පූණ්‍ය කටයුත්තක් සඳහා යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ සහාය

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ භට පිරිස්, මියගිය විද්‍යා සීවලෝගනාදන් සිසුවිය සිහිපත් කරමින් ‘විද්‍යා පදනමේ’ සාමාජිකයින් සමඟ එක්ව බදාදා (27) දින පරිත්‍යාග වැඩසටහනක් සංවිධානය කරනු ලැබීය.

මෙම උත්සවය,දකුණේ මෙන්ම උතුරේ දුප්පත් සිසු සිසුවියන්ට සාමකාමී සමාජයක් බිහිකිරීමේ අරමුණින් යාපනය ආරක්ෂක සේනා මුලස්ථාන ශ්‍රවණාගාරයේ දී පවත්වනු ලැබීය.

යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මූලස්ථානයේ සම්බන්ධිකරණයෙන් පරිත්‍යාග වැඩසටහන පැවැත්විණි.

මෙම උත්සවය අතරතුර දී යාපනය පුන්ගුඩතිව් මහා විද්‍යාලයේ සිසුන් 10 දෙනෙකු වෙනුවෙන් ශීෂ්‍යත්ව සහ පාසල් උපකරණ බෙදාදෙනු ලැබීය.

මීට අමතරව, යාපනය ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් සිසුන් 15 දෙනෙකු වෙනුවෙන් ‘සුරක්ෂා රක්ෂණ සහතික’ ද මෙම උත්සවය අතරතුරපිරිනමනු ලැබීය.

මෙම පරිත්‍යාග උත්සවය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රවීණ රංගන ශීල්පිනි සුනීතා වීරසිංහ මහත්මිය, කැළණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කඨිකාචාර්ය නන්දලාල් මාලගොඩ මහතා, ඕමාන් ලංකා පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂක මොහාන් ශන්කර් මහතා, පිපල්ස් කෙරේයා ලංකා පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂිකා වදනි ශන්කර් මහත්මිය, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරින්, පුන්ගුඩතිව් මහා විද්‍යාලයේ ගුරුවරුන්, සිසුන් සහ දෙමාපියන් රැසක් ද සහභාගි විය.

Authentic Nike Sneakers | Mens Flynit Trainers