Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th March 2017 20:55:36 Hours

විජයාබාහු පාබල රෙජිමේන්තුවේ 27 වන සංවත්සරයේ දී ආගමික වතාවත් වලට ප්‍රමුඛත්වය

විජයබාහු පාබල රෙජිමේන්තුව, සිය 27 වන සංවත්සරය රෙජිමේන්තු අධිපතිගේ මඟපෙන්විමෙන් අඟහරුවාදා (21) දින බෝයගනේ පිහිටි එම රෙජිමේන්තු මුලස්ථානයේ දී සමරන ලදි.

සංවත්සර වැඩසටහන් මාලාවේ පළමු අංගය ලෙස අඟහරුවාදා (21) දින මහනුවර, දළදා මාලිගාවේ දී විජයබාහු පාබල රෙජිමේන්තුවේ ඒකකයන්හි ධජයන්ට සෙත් පැතීම සිදු කළ අතර, මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන සහභාගි විය.

මීට පසු දින එනම් සංවත්සර දින (22) උදෑසන රෙජිමේන්තු අධිපති වෙත හමුදා සම්ප්‍රදායානුකූලව සම්මාන මුරයක් පිරිනැමිම විජයබාහු පාබල රෙජිමේන්තු මුලස්ථානයේ දී සිදු කෙරිනි.

අනතුරුව, රෙජිමේන්තු අධිපතිතුමන් විසින් විජයබාහු පාබල රෙජිමේන්තුවේ රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්විම ද, මියගිය රණවිරුවන් සිහිකරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්විම ද සිදු විය.

ඉන්පසු, එතුමා වෙත ආචාර සම්මාන පෙළපාලියක් ද පිරිනැමුනු අතර, කඳවුරු පරිශ්‍රයේ සුදු සඳුන් පැළයක් රෝපනය කිරීම ද සිදු කෙරිනි.

උත්සවයේ මීළග අංගය ලෙස විජයබාහු පාබල රෙජිමේන්තු මූලස්ථාන ගෘහස්ථ ශ්‍රවණාගාරයේ දී රෙජිමේන්තු අධිපති විසින් භට පිරිස් ඇමතීම සිදු කළ අතර, තම රෙජිමේන්තුව ඉහළ මට්ටමකට රැගෙන ඒම සඳහා සියලුදෙනාගේම සහයෝගය අවශ්‍ය බව එතුමා අවධාරණය කළේය.

මෙහිදි, වොලිබෝල්, බොක්සිං, මෝටර් රථ ධාවන තරඟ ආදියෙන් විශේෂ දක්ෂතා දැක්වූවන් වෙත රෙජිමේන්තු අධිපතිගේ සුරතින් ත්‍යාග සහ සහතික පත් පිරිනමනු ලැබීය.‍

තවද, දෘෂ්‍යාබාධිත විස්සයි 20 ලෝක කුසලාන තරඟාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළ සැරයන් අයි.ඒ.පි. සමන් කුමාර වෙත ක්‍රිඩා භාණ්ඩ කට්ටලයක් පිරිනැමුනු අතර, එදින සවස රෙජිමේන්තු පරිශ්‍රයේ දී සර්ව රාත්‍රී පිරිත් සඡ්ඡායනාවක් ද පැවැත්විය.

ඊට පසු දින (23) භට පිරිස් හී නවාතැන් පහසුකම් සඳහා ඉදිකිරිමට නියමිත තෙමහල් ගොඩනැගිල්ලට රෙජිමේන්තු අධිපතිතුමා අතින් මුල්ගල තැබිම සිදු කළ අතර, 27 වන සංවත්සරයේ අවසන් අංගය වු සියලු නිල රාත්‍රී භෝජන සංග්‍රහය විජයබාහු පාබල රෙජිමේන්තු සැලියුට් උත්සව ශාලාවේ දී පැවත්විනි.

bridge media | 【発売情報】 近日発売予定のナイキストア オンライン リストックまとめ - スニーカーウォーズ