Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th December 2017 18:00:48 Hours

විජයබාහු පාබල රෙජිමේන්තුව 2017 අන්තර් රෙජිමේන්තු අත්පන්දු ශුරතාවය දිනාගනි

ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 12 ක් සහ ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා ඒකක 4 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගි වු අන්තර් රෙජිමේන්තු අත් පන්දු ශුරතා තරඟාවලිය පසුගිය බදාදා (27) දින පනාගොඩ යුද්ධ හමුදා ජනපද ක්‍රීඩාගාරයේදී පැවැත්විය.

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු කණ්ඩායම සහ විජයබාහු පාබල රෙජිමේන්තුව අතර පැවැති අවසන් මහා තරඟයෙන් විජයබාහු පාබල රෙජිමේන්තු අත්පන්දු කණ්ඩායම ජයග්‍රහණය කරන ලදි.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සැපමිණි යුද්ධ හමුදා මුලස්ථානයේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු විසින් ජයග්‍රාහකයින් වෙත කුසලාන පිරිනමන ලදී.

කාන්තා අංශයෙන් 3 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා අත්පන්දු කණ්ඩායම පරදවමින් 2017 වසරේ ශුරතාව හිමිකර ගන්නා ලදී.

විජයබාහු පාබල රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක සහ කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන, යුද්ධ හමුදා අත්පන්දු කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් බිමල් විදානගේ, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ක්‍රිඩක ක්‍රීඩිකාවන් සහ සෙසුනිලයින් රැසක් පනාගොඩ පැවති මෙම අවසන් තරඟය නැරඹිම සඳහා පැමිණ සිටියහ.

Adidas footwear | New Jordans – Air Jordan 2021 Release Dates , Gov