Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd July 2018 13:54:10 Hours

වැලිකන්ද බෞද්ධ මධ්‍යස්ථානයේ චෛත්‍ය ඉදිකිරීම සඳහා මුල්ගල තැබේ

වැලිකන්ද බෞද්ධ මධ්‍යස්ථානයේ නව චෛත්‍ය ඉදිකිරීම සඳහා අඟහරුවාදා (26) දින මහසඟරුවනේ සෙත්පිරිත් සජ්ඣායනා මධ්‍යයේ නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල විසින් මුල්ගල තබන ලදි.

වැලිකන්ද බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජ්‍ය දෙල්විට මෙත්තාලංකාර ස්වාමින් වහන්සේගේ මඟපෙන්වීම අනුව මෙය සංවිධානය කළ අතර, මෙම අවස්ථාව සඳහා නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි කර්නල් චමින්ද විජේරත්න ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු ද එක්ව සිටියහ.

වර්ෂ 1942 දී මෙම විහාරස්ථානය ඉදිකරන ලද අතර මානුෂිය මෙහෙයුම් පැවති අවධියේ ද බොහෝ දුෂ්කරතා මධ්‍යයේ මෙම විහාරස්ථානය විනාශ නොවි පැවතුණි. පූජනීය ස්ථානයන්හි ප්‍රධාන අංගයක් වන චෛත්‍ය මෙම විහාරස්ථානයේ බොහෝ කලක සිට අවශ්‍ය අංගයක්ව පැවතිණි. පරිත්‍යාගශිලීයෙකු වන කැළණිය ප්‍රදේශයේ සද්ධාතිස්ස මහතා ගේ ධන පරිත්‍යාගයෙන් මාස කිහිපයක් තුල දී මෙම චෛත්‍යය ඉදිකර අවසන් කිරීමට නියමිතය.

බෞද්ධ බැතිමතුන් රැසක් ද මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ. Nike Sneakers | [169220C] Stone Island Shadow Project (The North Face Black Box) – Hamilton Brown, Egret