Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

වැලිකන්ද ප්‍රාථමික විද්‍යාල සිසුන් සඳහා පාසල් උපකරණ

නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය යට‍තේ ස්ථාපිත 23 වන සේනාංක මුලස්ථානයේ සම්බන්ධිකරණයෙන් හිනායා ගුණතිලක මහත්මිය සහ හරින් ගුණතිලක මහතා ගේ අනුග්‍රාහකත්වයෙන් වැලිකන්ද රුහුණුකෙත ප්‍රාථමික විද්‍යාලයේ අඩු ආදායම්ලාභි පවුල් වල පාසල් සිසුන් සඳහා පාසල් උපකරණ තොගයක් බෙදා දීම සිකුරාදා (16) දින සිදුකරන ලදී.

මෙම වැඩසටහන 23 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් චුල අබේනායකගේ සම්බන්ධිකරණයෙන් පවත්වන ලද අතර මෙහිදි හිනායා ගුණතිලක මහත්මිය සහ හරින් ගුණතිලක මහතා ඇතුළු ඔවුන්ගේ හිත මිත්‍රාදින් ප්‍රදේශයේ අඩු ආදයම්ලාභි පවුල් වල පාසල් සිසුන් සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙන බැව් ප්‍රකාශ කරන ලදී.

නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල විසින් මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනිම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදුන්හ.

latest Nike Sneakers | Nike Air Max 270 - Deine Größe bis zu 70% günstiger