Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th June 2018 14:14:28 Hours

වවුනියාව ජුම්මා මුස්ලිම් පල්ලියේ පැවැති විශේෂ දේවමෙහෙයක් සඳහා වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සහයෝගය

වවුනියාව, ජුම්මා මස්ජිඩ් මුස්ලිම් පල්ලියේ බ්‍රහස්පතින්දා (31) දින පැවැති විශේෂ දේවමෙහෙය සඳහා ලැබුණු ආරාධනයකට අනුව, වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය නියෝජනය කරමින් එහි සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක් සහභාගි විය.

ජුම්මා මස්ජිඩ් මුස්ලිම් පල්ලියේ ප්‍රධාන දේවගැතිතුමන්ගේ ආරාධනයකට අනුව මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා සහභාගි විය. තවද මෙම විශේෂ දේවමෙහෙය සඳහා වවුනියාව දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ සහ ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සහභාගි විය.

සාමය, සංහිඳියාව සහ ආගමික සහජිවනය ප්‍රවර්ධනය කරමින් පැවැති මෙම විශේෂ දේවමෙහෙය සඳහා ප්‍රදේශයේ මුස්ලිම් බැතිමතුන් 400 කට අධික පිරිසක් සහභාගි වූහ.

සියලුම ජාතින් අතර ජනවාර්ගික සබඳතා සහ මිත්‍රත්වය වර්ධනය කරමින් පැවැති මෙම වැඩසටහන සඳහා අවශ්‍ය සියලුම පහසුකම් වන්නි අරක්‍ෂක සේනා මූලස්ථානයේ සහයෝගය ඇතිව සපයනු ලැබීය.

මුස්ලිම් පල්ලියේ ප්‍රධාන දේවගැතිතුමන්ගේ ආරාධනයකට අනුව මෙම අවස්ථාවට සපැමිණ මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා සියලුදෙනා අමතමින් ජනවාර්ගික සමගිය පිළිබඳ අවධාරණය කළහ.

jordan Sneakers | Air Jordan Release Dates 2020