Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th September 2018 22:26:27 Hours

වලිකාමම් ප්‍රදේශයේ වෙසෙන සිවිල් වැසියන් සඳහා තවත් ඉඩම් අක්කර 4.4 ක් මුදා හැරේ

සේවා අවශ්‍යතා සඳහා යුද්ධ හමුදාව විසින් මෙතෙක් භාවිතා කරන ලද යාපනය, වලිකාමම් උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් තවත් ඉඩම් අක්කර 4.4 ක භූමි ප්‍රමාණයක් අදාළ පාසල් බලධාරීන් සහ අනෙකුත් පාර්ශ්‍වකරුවන් වෙත හිමිගැන්විම බ්‍රහස්පතින්දා (06) දින මයිලඩි හි පැවති කෙටි උත්සවයක දී සිදු කරන ලදී.

ඒ අනුව, මයිලඩි උතුර කලෙයිමගල් විද්‍යාලය වෙත හිමි අක්කර 2.75 ක භූමි ප්‍රදේශයක්, සන්දිලිපායි ප්‍රදේශයේ පවුල් කිහිපයක් සඳහා හිමි අක්කර 1.19 ක කොටසක් සහ කුරුම්බාචෙට්ටි සමුපකාර වෙළඳසැලේ හා ප්‍රජා ශාලාව සහිත භූමි අක්කර 0.5 ක්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සහ යාපනය දිස්ත්‍රික් ලේකම් එන්. වේතනායහන් වෙත සංකේතාත්මකව නිදහස් කරන ලදී. ඉන් අනතුරුව ඔවුන් විසින් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හරහා නීත්‍යානුකූල ඔප්පු නිකුත් කිරීමේ කටයුතු සිදුකිරීමට නියමිතය.

හින්දු චාරිත්‍ර වාරිත්‍රවලට අනුකූලව පැවති පිළිගැනීමේ උත්සවයකින් අනතුරුව යුද්ධ හමුදාව නියෝජනය කරමින් යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි විසින් එහිදි එම ඉඩම් සම්බන්ධ ලේඛණ භාරදීම සිදු කරන ලදි.

යාපනය භට පිරිස් සිය සුහඳත්වය තවත් ප්‍රවර්ධනය කරමින් එම පාසල සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කිරීමට සහය දක්වන බව ද යාපනය ආඥාපතිතුමා විසින් එහිදි පැවසීය. එම පාසලේ සිසුන් 200 කට අධික සංඛ්‍යාවක් සඳහා පොත්පත් බෙදාදීමත් සමඟින් උත්සවයේ ප්‍රධාන අදියර අවසන් විය.

මෙහිදි දිස්ත්‍රික් ලේකම් නියෝජනය කරමින් තෙලිප්පලෙයි ප්‍රාදේශීය ලේකම් විසින් උත්සව සභාව අමතමින් මෙම කාලීන ක්‍රියාපිළිවෙත පිළිබඳව යුද්ධ හමුදාවට සිය ස්තුතිය ද පුද කළහ.

යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම් (ඉඩම්), දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්, 513 වන බලසේනාවේ සහ 515 වන බලසේනාවේ බලසේනාධිපතිවරුන් මෙන්ම සිවිල් වැසියන් බොහෝ පිරිසක් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ. Best Sneakers | Nike for Men