පළමු පෙළ ප්‍රිමියර් එක් දින ක්‍රිකට් තරඟාවලිය යටතේ පනාගොඩ යුද හමුදා ක්‍රිඩාංගනයේ දි සෙනසුරාදා (18) දින පැවති පළමු වටයේ තරඟයකින් ශ්‍රී ලංකා වරාය අධිකාරි කණ්ඩායම පරාජයට පත් කරමින් යුද හමුදා ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 4 ක ජයක් හිමි විය.
මෙහිදි, ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් වරාය අධිකාරි ක්‍රිඩකයින් පන්දු වාර 28 පන්දු 3 කදී සියලු දෙනාම දැවි ලකුණු 112 ක් ලබාගත් අතර, යුද හමුදා ක්‍රිඩකයින් කඩුලු 6 ක් දැවි ලකුණු 113 ක් ලබා ගන්නා ලදි.
මෙම තරඟයේ දී සුවිශේෂි දක්ෂතා දැක්වු බළලත් නිලධාරි I සික්කූගේ ප්‍රසන්න ලකුණු 27 කට කඩුලු 7 ක් දවා ගනු ලැබිය. එමෙන්ම, සාමාන්‍ය සෙබල එච්.එස් ලියනගේ නොදැවි ලකුණු 41 ක් ලබා ගත් අතර, ලාන්ස් බොම්බඩියර් ඒ.ජි.වි.එල්.මදුෂාන් නොදැවි ලකුණු 23 ක් ලබා ගනු ලැබිය.
bridgemedia | Women's Sneakers