Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th March 2019 00:22:03 Hours

වන්නි වාර්ෂික අන්තර් සේනාංක ක්‍රිකට් තරඟාවලිය - 2019 හි ශූරතාවය 21 වන සේනාංක ක්‍රිකට් ක්‍රීඩකයින්ට

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සේනාංක ක්‍රිකට් තරඟාවලිය - 2019 හි අවසන් තරඟය පෙබරවාරි මස 28 වන දින මන්නාරම පිහිටි 54 වන සේනාංක මූලස්ථාන ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 21, 54, 56, 61, 62 වන සේනාංක සහ උතුරු මැද ඉදිරි නඩත්තු පෙදෙස නියෝජනය කරමින් කණ්ඩායම් තරඟාවලිය සඳහා සහභාගි වූ අතර මෙවර තරඟාවලිය පෙබරවාරි මස 26 දින සට 28 දින දක්වා පැවැත්විණි.

මෙම ක්‍රිකට් තරඟාවලිය ඉහළ ප්‍රමිතින්ට අනුකූලව ක්‍රීඩකයින්ගේ වෘත්තීමය දක්‍ෂතාවයන් වැඩිදියුණු කිරීමේ අරමුණින් සංවිධානය කරන ලදී.

මෙම තරඟාවලියේ ශූරතාවය හිමිකරගැනීමට 21 වන සේනාංක කණ්ඩායම සමත්වූ අතර තරඟාවලියේ අනුශූරතාවය වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථාන කණ්ඩායමට හිමිවිය.

මෙවර අන්තර් සේනාංක ක්‍රිකට් තරඟාවලියේ ‘තරඟාවලියේ වීරයා’ ලෙස 21 වන සේනාංකයේ සාමාන්‍ය සෙබළ රාජපක්‍ෂ සම්මාන හිමිකරගත් අතර ‘තරඟයේ වීරයා’ ලෙස වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ලාන්ස් කෝප්‍රල් විජේකොන් සම්මාන හිමිකරගත්හ.

මෙම ක්‍රිකට් තරඟාවලිය, වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරීන්ගේ සහ යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ක්‍රීඩා කෞෂල්‍ය, කණ්ඩායම් හැඟිම සහ හමුදා සාමාජිකයින් ලෙස එකමුතුකම ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කරන ලදී.

මෙවර තරඟාවලිය 54 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් සෙනෙරත් බණ්ඩාර ගේ අධීක්‍ෂණය යටතේ 54 වන සේනාංකය සහ එම සේනාංකය යටතේ ස්ථාපිත බලසේනා හා ඒකකයන්හි සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් සංවිධානය කළහ.

මෙම තරඟාවලියේ ජයග්‍රහකයින් වෙත සහපතිකපත් පිරීනැමීමේ සහ සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස උතුරු මැද ඉදිරි නඩත්තු පෙදෙසේ ආඥාපති බ්‍රිගේඩියර් රසික කරුණාතිලක සහභාගි වූහ.

තවද අන්තර් සේනාංක ක්‍රිකට් තරඟාවලිය - 2019 හී සමාප්ති උත්සවය සහ අවසන් තරඟය නැරඹීම සඳහා 54 වන සේනාංකයේ සේනාංකාධිපති, වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී, බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් විශාල පිරිසක් සහභාගී වූහ. Authentic Sneakers | Ανδρικά Nike