Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd October 2018 14:03:51 Hours

වන්නි භට පිරිස්හි දායකත්වයෙන් තවත් පෙර පාසල් ගොඩනැගිල්ලක් ඉදිකෙරේ

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය වන්නි ප්‍රදේශයේ රජයේ සහ පෞද්ගලික අංශවල සහයෝගය ඇතිව එම ප්‍රදේශයේ අවශ්‍යතාවයක්ව පවතින පෙර පාසල් ගොඩනැගිලි ඉදිකරනු ලබන අතර, මහකච්චිකුඩිය ප්‍රදේශයේදී ඉදිකරනු ලැබූ එම ව්‍යාපෘතියේ 6 වන පෙර පාසල් ගොඩනැගිල්ල සෙනසුරාදා (20) දින පෙර පාසල් ළමුන්ගේ පරිහරණය සඳහා භාරදෙන ලදි.

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ සංකල්පකයකට අනුව, පසුගිය මාස දහය තුළ දී එම ආරක්‍ෂක සේනා මුලස්ථාන යටතේ වන දුෂ්කර ප්‍රදේශයන් හි පෙර පාසල් පහක් ඉදිකිරීම සඳහා සහයෝගය ලබාදුන් අතර, ශීරෝමි මාසකෝරාල මහත්මිය ඇතුළු හේමාස් අවුට්රිච් පදනමේ (Hemas Outreach Foundation) ‘පියවර’ ව්‍යාපෘතිය එහි මූලිකත්වය ගෙන කටයුතු කරන ලදි.

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති සහ හේමාස් අවුට්රිච් පදනමේ ඉල්ලීමකට අනුව ඇන්ස්ලෙම් සුනිල් මලවාන මහතා සහ ඉතෙල් ඩයනා සිසිලියා මලවාන මහත්මිය විසින් රුපියල් මිලියන 2.3 ක් පමණ මෙම 6 වන පෙර පාසල් ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු සඳහා ලබාදෙනු ලැබීය.

මෙම පෙර පාසල් ගොඩනැගිලි සංකිර්ණය, ක්‍රීඩාපිටියක්, සනිපාරක්ෂක පහසුකම්, ඉඩපහසුකම් සහිත ශාලාවක් ඇතුලු පෙර පාසල් ළමුන් සඳහා අවශ්‍ය අනෙකුත් සියලුම පහසුකම්වලින් සමන්විත විය.

පියවර ව්‍යාපෘතියේ පරිත්‍යාගයක් ලෙස හේමාස් අවුට්රිච් පදනමේ ආරාධනයෙන් ධානපති ඇන්සල් සුනිල් මලවන මහතා මූල්‍ය දායකත්වයෙන් වවුනියා උතුරු ප්‍රදේශීය සභාවේ ලේකම් ජානක මහතා විසින් කරනු ලැබු ඉල්ලීමකට අනුව මෙම පෙර පාසල් ගොඩනැගිල්ල ඉදිකරනු ලැබීය.

56 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රභාත් දෙමටන්පිටිය විසින් ඉතා කෙටි කාලයක් තුල මෙම පෙර පාසල් ගොඩනැගිල්ල සාදා නිමකිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලැබු අතර 563 බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඊ.ඒ.ඩි.පි එදිරිසිංහ ගේ අධීක්‍ෂණය යටතේ එම බලසේනාවට අයත් 7 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් එය ක්‍රියාවට නංවනු ලැබීය. තවද වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් වන්නි ප්‍රදේශය තුළ අනාගත පරපුරේ අභිවෘර්ධිය සඳහා මෙම නව පෙර පාසල් ගොඩනැගිල්ල ද ඇතුළුව පෙර පාසල් 6 ක් මේ වනවිට ඉදිකර ඇත.

වවුනියාව ප්‍රදේශීය ලේකම්, මේජර් ජෙනරාල් ප්‍රභාත් දෙමටන්පිටිය, 56 වන සේනාංකයේ සේනාංකාධිපති, වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ මාණ්ඩලික නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරින්, පෙර පාසල් දරුදැරියන් දෙමාපියන් ආදි විශාල පිරිසක් මෙම පෙර පාසල් ගොඩනැගිල්ල විවෘත කරනු ලබන අවස්ථාව සඳහා එක්ව සිටියහ. bridgemedia | Nike Air Zoom Pegasus 38 Colorways + Release Dates , Fitforhealth