Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th September 2017 11:29:50 Hours

වන්නි භට පිරිස් වෙත පානීය ජලය සැපයීමට නව ජල පිරිපහදු ඒකකයක්

වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා විසින් යුද්ධ හමුදාධිපතිතුමන්ගෙන් කරන ලද ඉල්ලීමකට අනුව ලද මුදල් ප්‍රතිපාදන යොදා ගනිමින් පානීය ජල පිරිපහදු කිරීමේ යන්ත්‍රයක් (Reverse Osmosis) එම මුලස්ථාන පරිශ්‍රයේ නවතමයෙන් ස්ථාපනය කරන ලදි.

මෙම ප්‍රදේශයේ පවතින වකුගඩු ආසාදන රෝග තත්වයන් හේතුවෙන් එයට පිලියමක් ලෙස දීර්ඝකාලීන අවශ්‍යතාවයක්ව පැවති මෙම පානීය ජල පිරිපහදු ඒකකය ස්ථානගත කිරීම මගින් භඨ පිරිස් හට පිරිසිදු පානීය ජලය මෙම පොදු ජල මාර්ග පද්ධති හරහා සපයා ගැනිමට හැකියාව පවතී.

දිනකට ජලය ලීටර 10,000 ක් පිරිසිදු කිරීමේ හැකියාවෙන් යුක්ත මෙම ජල පිරිපහදු යන්ත්‍රය නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකයේ සමාජ සත්කාරයක වැඩසටහනක් යටතේ නිර්මාණය කරන ලද්දකි. සඳුදා (11) දින පැවති කෙටි උත්සවයක දී වන්නි ආරක්ෂක සේනා ආඥාපතිවරයා නව ජල පිරිපහදු යන්ත්‍රය භට පිරිස්හි ප්‍රයෝජනය සඳහා විවෘත කරන ලදි.

Sports News | jordan Release Dates