Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

වන්නි බැඩ්මින්ටන් කුසලානය 56 වන සේනාංකයට

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 56 වන සේනාංකය ඒ යටතේ වන බලසේනා සහ ඒකකයන්හි සහයෝගයෙන් බදාදා (06) දින එම සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ දී අන්තර් සේනාංක බැඩ්මින්ටන් තරඟාවලිය - 2018 පවත්වන ලදි.

56 වන සේනාංකය එහි සේනාංකාධිපති බ්‍රිගේඩියර් ප්‍රභාත් දෙමටන්පිටිය ගේ මඟපෙන්වීම යටතේ සහ වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති ‍මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ අධීක්‍ෂණය යටතේ යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ක්‍රීඩාශීලීත්වය, සහෝදරත්වය, අධිෂ්ඨානය, ධෛර්යය සහ විනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම තරඟාවලිය සංවිධානය කරනු ලැබීය.

ජූනි මස 2 දින සිට 5 දින දක්වා පැවති මෙම තරඟාවලියේ ශූරතාවය දිනාගැනීම සඳහා වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 21, 54, 56, 61 සහ 62 වන සේනාංක සහ උතුරු මැද ඉදිරි නඩත්තු පෙදෙස නියෝජනය කරමින් කණ්ඩායම් සහභාගි වූහ.

එහිදි තියුණු තරඟයකින් අනතුරුව 56 වන සේනාංකය විසින් ශුරතාවය හිමිකර ගත් අතර, 62 වන සේනාංකය වෙත අනුශුරතාවය හිමිවිය.

තරඟාවලියේ අවසන් දින ත්‍යාග ප්‍රදානෝත්සවය සඳහා 56 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ප්‍රභාත් දෙමටන්පිටිය, බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසු නිලයින් රැසක් සහභාගි වූහ.

Sneakers Store | jordan Release Dates