Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

වන්නි පාපන්දු තරඟාවලියේ ශූරතාවය 56 වන සේනාංක පාපන්දු ක්‍රීඩකයින්ට

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ උපදෙස් මත 62 වන සේනාංකය විසින් සංවිධානය කරනු ලැබු අන්තර් සේනාංක පාපන්දු තරඟාවලිය, ජනවාරි මස 29 දින සිට 31 දින දක්වා සම්පත්නුවර මහවැලි ක්‍රීඩාංගණයේ දී පැවති අතර තරඟාවලිය සඳහා වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 21, 54, 56, 61, 62 වන සේනාංකයන් සහ උතුරු මැද ඉදිරි නඩත්තු පෙදෙස නියෝජනය කරමින් පාපන්දු කණ්ඩායම් සහභාගි වූහ.

කෙසේ වෙතත්, තරඟාවලියේ අවසන් තරඟය බ්‍රහස්පතින්දා (31) දින පැවැති අතර එහිදි ලකුණු 3-0 ක් ලෙස 21 වන සේනාංක කණ්ඩායම පරාජයට පත් කරමින් තරඟාවලියේ ශූරතාවය හිමිකරගැනීමට 56 වන සේනාංක පාපන්දු ක්‍රීඩකයින් සමත්විය. තරඟාවලියේ තෙවන ස්ථානය හිමිකරගැනීමට 62 වන සේනාංක පාපන්දු ක්‍රීඩකයින් සමත්විය. තරඟාවලියේ අවසන් තරඟයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 62 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජේ.එම්.යු.ඩි. ජයසිංහ සහභාගි විය. spy offers | Vans Shoes That Change Color in the Sun: UV Era Ink Stacked & More – Fitforhealth News