Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd December 2018 11:56:00 Hours

වන්නි උරුමය පිළිබඳ යුද්ධ හමුදා නිලධාරීයෙකු විසින් සිදුකල ගවේෂණාත්මක කෘතිය ‘වවුනියාවේ පුරා විද්‍යා උරුමය’ නමින් එළිදක්වයි

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ මේජර් සරත් ජයවර්ධන විසින් රචිත ‘වවුනියාවේ පුරා විද්‍යා උරුමය’ නම් ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය සඳුදා (17) දින කුරුණෑගල, වැහැරවත්ත ප්‍රදේශයෙහි පිහිටි ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු රෙජිමේන්තු මූලස්ථානයේ දී පැවැත්විණි.

පුරාවිද්‍යාත්මක උරුමය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් වසර 35 කට අධික කාලයක් පැවැති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදි ගැටුම්කාරී තත්ත්වයත් සමඟ අර්ධ වශයෙන් සහ සම්පුර්ණයෙන්ම විනාශයට පත්වූ පුරා විද්‍යාත්මක සහ ඓතිහාසික වටිනාකම් ඇති ස්ථාන පිළිබඳ විශ්ලේෂණාත්මකව අධ්‍යයනය කරමින් ඓතිහාසික වැදගත්කමකින් යුත් ස්ථාන සිය ගණනක් හඳුනාගෙන ඇත.

පූරාණ කැණීම්, පැරණි නටඹුන් ගොඩ නැගීම, පුරා විද්‍යා සාක්‍ෂි ලබාගැනීම, ගල් පුවරු ස්ථානගත කල ස්ථාන, පූජනීය ස්ථාන, පැරණි උපයෝගීතා සේවා, සංරක්‍ෂණ ක්‍රම හා විවිධාකාර කැණීම් පිළිබඳ විස්තරාත්මකව රචිත මෙම සිංහල ග්‍රන්ථය සෑම අයෙකුටම භාවිතා කිරීම සඳහා සියලුම පුස්තකාල වෙත බෙදාහැරීමට සුදුසු අධ්‍යාපනික ග්‍රන්ථයක් ද වේ. මෙම ග්‍රන්ථය උපාධි අපේක්‍ෂකයන්ට සාමාන්‍ය අධ්‍යාපනය සඳහා මෙන්ම විද්වතුන් සඳහා ද භාවිතා කල හැකිය.

මෙම ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය සඳහා  පුරා විද්‍යා චක්‍රවර්ති පූජ්‍ය එල්ලාවල මේධානන්ද ස්වාමින් වහන්සේ, යුද්ධ හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මෙන්ම ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන, ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති මහාචාර්ය චන්දන රොෂාන් විතානාරච්චි, පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය පී. විදානපතිරණ ඇතුළු තවත් පුරා විද්‍යා අධ්‍යයන ක්‍ෂේත්‍රයේ විද්වතුන් කිහිපදෙනෙකු ද සහභාගි වූ අතර ඔවුන් වෙත එහිදි මෙම ග්‍රන්ථයේ මංගල පිටපත් ප්‍රදානය කරනු ලැබීය.

මෙම ග්‍රන්ථයට ඇතුලත් කරන ලද පුරාවිද්‍යා ස්ථාන සියල්ලම තමන් විසින් සෝදිසි කර බැලු බවට කතෘවරයා සනාථ කල අතර මෙම ග්‍රන්ථයේ විස්තර කර ඇති පරිදි බොහෝ ස්ථාන වැඩිදුර අධ්‍යයනය කළ යුතු බවද සඳහන් කරනු ලැබීය. දැනට ප්‍රකාශයට පත්ව ඇති වවුනියා ප්‍රදේශයේ පුරාවිද්‍යා ස්ථාන පිළිබඳ මුල්ම ගවේෂණ වාර්තාව ලෙස සැලකිය හැකි වන්නේ වර්ෂ 1985 දි බ්‍රිතාන්‍ය ජාතික J. E Lewies විසින් රචනා කරන ලද A Manual of the Vanni District ග්‍රන්ථයේ ‘වැව්නිමාපුර’ නමින් හැදින්වු ප්‍රදේශය පසුකාලීනව වවුනියාව ලෙස හදුන්වා ඇති බව සඳහන් වේ.

මේජර් සරත් ජයවර්ධන මෙම ග්‍රන්ථයේ දී වසර සිය ගණනකට පෙරාතුව කලාපයේ ජීවත් වූ බොහෝ දෙනෙකුගේ  ජීවන රටා, ආර්ථික ව්‍යුහයන්, සංස්කෘතික අංගයන් සහ ඔවුන්ගේ උරුමය පිළිබඳ අවධානයක් යොමු කරමින් පූරාණ ස්ථාන පර්යේෂණ හා කැණිම් කිරීම තුලින් එම ස්ථාන සංරක්‍ෂණය කිරීමේ ඇති වැදගත්කම පිළිබඳව ද අවධාරණය කර ඇත. මේජර් සරත් ජයවර්ධන 1995 වසරේදී පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබාගත් අතර ඉන් පසුව වර්ෂ 2008 දී කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුලත්ව උරුම අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා ගෙන ඇත. trace affiliate link | Nike Releases, Launch Links & Raffles