Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd August 2018 15:04:05 Hours

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සම්බන්ධිකරණයෙන් පෙර පාසල් 6 ක් ඉදිකෙරේ

හේමාස් අවුට්රිච් පදනමේ (Hemas Outreach Foundation) විසින් ක්‍රියාත්මක පුර්ව ළමාවිය සංවර්ධනය කිරීමේ 'පියවර' ව්‍යාපෘතිය වන්නි ආරක්ෂක සේනා මුලස්ථාන භට පිරිස් සමඟ එක්ව වන්නි ප්‍රදේශයේ පෙර පාසල් දරුවන්ගේ අධ්‍යාපනය ඉහළ නැංවිම සඳහා වවුනියාව හා අනුරාධපුර දිස්ත්‍රික්කයන්හි දිවියා උඩ බැන්ද වැව සහ මරද මඩුව යන දුෂ්කර ප්‍රදේශයන්හි පෙර පාසල් දෙකක් ඉදිකරනු ලැබූ අතර, එම පෙර පාසල් විවෘත කිරීමේ උත්සවය සෙනසුරාදා (28) දින පැවැත්විය.

මෙම අවස්ථාව සඳහා වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා, හේමාස් හොල්ඩින් පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ස්ටෙෆන් එන්ඩර්බි මහතා සහ මොරීන් එන්ඩර්බි මහත්මිය මෙන්ම හේමාස් අවුට්රිච් පදනමේ විධායක අධ්‍යක්ෂිකා / සන්නිවේදන සහ තිරසාර සංවර්ධන සාමාන්‍යාධිකාරී ශිරෝමි මාස්කෝරාල මහත්මිය ද එක්ව සිටියහ.

ශ්‍රී ලංකාව තුල හේමාස් අවුට්රිච් පදනම විසින් ඉදිකරනු ලැබූ පෙර පාසල් 47 ක් මේවනවිට පවත්වාගෙන යනු ලබයි. එම සෑම ව්‍යාපෘතියක්ම ප්‍රජා ගොඩනැගිල්ලකින් සහ වෙනත් පහසුකම් රැසකින් ද සමන්විත වේ.

සංහිඳියා ක්‍රියාදාමය තවදුරටත් ශක්තිමත් කරමින් වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය මෙම පෙර පාසල් දෙක ඉදිකිරීමේ කාර්ය සඳහා දායක වූ අතර, එම ආරක්ෂක සේනා මූලස්ථානය විසින් අනුරාධපුර, වවුනියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවල අනාගත පරම්පරාවේ ප්‍රයෝජනය සඳහා මේ වන විට පෙර පාසල් 6 ක් ඉදි කර ඇත.

21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රුවන් ද සිල්වා ගේ උපදෙස් මත ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘතිය සඳහා 212 වන බලසේනාවේ බලසේනාධිපති ගේ සහ 213 වන බලසේනාවේ බලසේනාධිපති ගේ පුර්ණ සහයෝගය හිමිවිය.

21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රුවන් ද සිල්වා, වවුනියාව දකුණ ප්‍රාදේශීය ලේකම් එම්.එස්. ජානක මහතා, පුර්ව ළමාවිය සංවර්ධන අධිකාරියේ (උතුරු මැද) අධ්‍යක්ෂිකා චම්පා ද විදානපතිරණ මහත්මිය සහ ප්‍රදේශවාසීන් රැසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ. Running Sneakers Store | Top Quality adidas Yeezy 700 V3 "Eremiel" GY0189 , Ietp