Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st January 2019 14:37:00 Hours

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය සංවිධානය කල වන්දනා චාරිකාව සාර්ථකව නිමාවේ

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින්, කොමිෂන් නොලත් නිලධාරින්, සෙසුනිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලයේ පවුල් 28 ක සමාජිකයින් 136 ක පමණ පිරිසක් වෙනුවෙන් වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ සංකල්පයකට අනුව අනුරාධපුරය, මන්නාරම, තලෙයිමන්නාරම, මිහින්තලය, තන්තිරිමලේ සහ මඩු යන ප්‍රදේශයන්හි පූජනීය ස්ථාන වැදපුදා ගැනීමේ තෙදින වන්දනා චාරිකාවක් ජනවාරි මස 14 දින සිට 16 දින දක්වා සංවිධානය කරන ලදී.

මෙම වාර්ෂික විනෝද චාරිකාව සුහදත්වය සහ සහයෝගීතාව වර්ධනය කිරීමේ අරමුණින් වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කල අතර සහභාගි වූවන් සඳහා අවශ්‍ය ආහාරපාන, ප්‍රවාහන, වෛද්‍ය ආධාර, රාත්‍රි නවාතැන් පහසුකම්, මාර්ගෝපදේශනය ඇතුළු සියලුම අත්‍යවශ්‍ය සේවාවන් සදහ යුද්ධ හමුදාවේ දායකත්වය සපයන ලදී.

මෙම චාරිකාවේ පළමු දිනයේ දී, සහභාගිවූ සියලුදෙනා සම්ප්‍රදායානුකූලව උඩරට නර්තන ශිල්පීන්ගේ නර්ථනයකින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. චාරිකාවට එක් වූවන්ට විවිධ විනෝදාත්මක ක්‍රීඩාවලට සහභාගීවීමට ද අවස්ථාවන් සපයා දී තිබු අතර, අවසාන දිනයේ ඔවුන් සඳහා සංගීත ප්‍රසංගයක් සහ රාත්‍රි භෝජන සංග්‍රහයක් ද පවත්වන ලදී. තවද නව වසර උදාව සහ සුහදත්වය වර්ධනය කිරීම සඳහා චාරිකාවට සහභාගිවූ සෑම කුඩා ළමයෙක් සඳහාම සෙල්ලම් බඩු ප්‍රදානය කෙරිණි. Sport media | シューズ