Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd August 2018 14:20:00 Hours

වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත නවීකරණය කරන ලද ක්‍ෂේත්‍ර යුද්ධ හමුදා රෝහල වන්නි භට පිරිස් සඳහා විවෘත කෙරේ

වන්නි ප්‍රදේශයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සෞඛ්‍යය අවශ්‍යතාවයන් සඳහා ප්‍රමුඛත්වය ලබාදීමක් ලෙස වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ පිහිටි යුද්ධ හමුදා ක්‍ෂේත්‍ර රෝහල දිගු කලක් අබලන් ව තිබු අතර එම රෝහල වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ උපදෙස් අනුව නවීකරණය කිරිමේ කටයුතු ආරම්භ කරන ලදී.

මෙලෙස නවීකරණය කරන ලද වන්නි යුද්ධ හමුදා ක්‍ෂේත්‍ර රෝහල වන්නි භට පිරිස් සඳහා විවෘත කිරිම වන්නි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය සිකුරාදා (24) දින පැවති අතර ඒ සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, මේජර් එම්.එච්.යු පෙරේරා, මේජර් ජේ.ඒ.ඩී.සී.එච් ජයසිංහ, කපිතන් කේ. ජයසේකර, කපිතන් ඩබ්ලිව්.ඒ.ඩී.ඒ.කේ රත්නසේකර යන යුද්ධ හමුදා වෛද්‍ය නිලධාරින් සහ දන්ත වෛද්‍ය නිලධාරි මේජර් ඩී.එම්.ඒ.එස් යාපා ඇතුළු නිලධාරින් රැසක් සහභාගි වුහ.

මෙම නවීකරණය වු රෝහල, රෝගින් 100 දෙනෙකු සඳහා නේවාසිකව ප්‍රතිකාර ගැනිමේ පහසුකම් සහ වෛද්‍ය කාර්ය මණ්ඩලය සඳහා අවශ්‍ය නවීන වෛද්‍ය හා ශල්‍ය උපකරණ වලින් යුක්ත වේ. මෙම රෝහල අවම පහසුකම් හා බෝහෝ දුෂ්කරතා මධ්‍යයේ එවකට පැවැති යුදමය වතාවරණය තුල 4 වන බලසේනාව යටතේ 1984 වර්ෂයේ දී ආරම්භ කෙරුණු අතර යුද මෙහෙයුම් වලදී බොහෝ සෙබළුන් තුවාල වී ප්‍රතිකාර ලබාගැනීම හේතුවෙන් මෙම රෝහලේ අළුත්වැඩියාවන් නිසිලෙස සිදුකිරිමට නොහැකිව පැවතුණි.

2018 ජනවාරි මස 01 වන දින සිදුකරන ලද වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ නිරික්‍ෂණ චාරිකාවේ ප්‍රතිඵලයක් ලෙස මෙම රෝහල හි නවීකරණය කටයුතු වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ බ්‍රිගේඩියර් පරිපාලන සහ භට කාර්ය සම්පාදන, බ්‍රිගේඩියර් රන්ජන් ප්‍රේමලාල් ගේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලදී. මෙම රෝහල නවීකරණය කිරිමේ ඉදිකිරිම් කටයුතු 22 වන ඉංජිනේරු බලඝණයේ අණදෙන නිලධාරි මේජර් ඩබ්ලිව්.සී දේශප්‍රිය ගේ උපදෙස් පරිදි 2 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තු භට පිරිස් විසින් සිදුකරන ලදී.

තවද, මෙම ව්‍යාපෘතිය සඳහා 26 වන ශ්‍රී ලංකා පාබල හමුදාව, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 7, 16, 20, 26 සහ 17 (ස්වේච්ඡා) යන බලඇණි, 11 වන ගැමුණු හේවා බලඇණිය, ගජබා රෙජිමේන්තුවේ 24, 5(ස්වේච්ඡා) බලඇණි සමගින් විජයබාහු පාබල රෙජිමේන්තුවේ 17 (ස්වේච්ඡා) බල ඇණිය සිය දායකත්වය නොමඳව ලබාදෙනු ලැබීය.

නවීකරණය කරන ලද වන්නි යුද්ධ හමුදා ක්‍ෂේත්‍ර රෝහල නැවත විවෘත කිරිමේ අවස්ථාව සඳහා වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් කුමාර් ජයපතිරණ, වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ බ්‍රිගේඩියර් පරිපාලන සහ භට කාර්ය සම්පාදන, බ්‍රිගේඩියර් රන්ජන් ප්‍රේමලාල්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, යුද්ධ හමුදා ක්‍ෂේත්‍ර රෝහලෙහි කාර්ය මණ්ඩලය, සහ යුද්ධ හමුදා සාමාජිකයන් විශාල පිරිසක් එක්ව සිටියහ.spy offers | Men’s shoes