Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th December 2015 19:31:09 Hours

වන්නි ආඥාපති 612 බලසේනාවෙහි සංචාරයක

වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් එම්.එච්.එස්.බී පෙරේරා දෙසැම්බර් මස 20 සිට 23 වන දින දක්වා 612 බලසේනාවේ සහ 20 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවෙහි සංචාරයක නිරත විය. එහිදී 61 වන සේනාංකයේ සේනාංකාධිපති සහ 612 බලසේනාවේ බලසේනාධිපති විසින් වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපතිතුමා ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව 612 බලසේනාවේ සෙබලුන් විසින් වන්නි ආඥාපතිතුමා හට හමුදා සම්ප්‍රදායානුකූලව ආචාර සම්මාන මුරයක් පිරිනමනු ලැබීය. මේ අතර 612 බලසේනාවේ බලසේනාධිපති විසින් වන්නි ආඥාපතිතුමා හට එම බලසේනාවේ වර්තමාන තත්වය පැහැදිලි කරමින් කෙටි සුහද හමුවක් ද පැවැත්වීය. මෙම සංචාරය සිහිගන්වමින් වන්නි ආඥාපතිතුමා 612 බලසේනා මූලස්ථානයෙහි පැළයක් ද රෝපණය කරනු ලැබීය. අනතුරුව දෙසැම්බර් මස 23 වන දින වන්නි ආඥාපතිතුමා 20 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවෙහි සංචාරයක නිරත වූ අතර, එහිදී එම අණදෙන නිළධාරී විසින් අඥාපතිතුමා පිළිගනු ලැබීය. පසුව ආඥාපතිතුමා භට පිරිස් අමතා දේශණයක් ද පවත්වන ලදී.Sports Shoes | jordan Release Dates