Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th January 2017 09:11:24 Hours

වජිරාරාම විහාරස්ථානයෙන් වෙහෙරතැන්න ප්‍රදේශයේ වැසියන් වෙත වගා ළිං 03 ක්

බම්බලපිටිය, ශ්‍රී වජිරාරාම විහාරාධිපති අතිපූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද අනුනායක මාහිමිපාණන් වහන්සේගේ අනුග්‍රහය මත වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 62 වන සේනාංකයට අයත් 26 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් විසින් වව්නියාව, වෙහෙරතැන්න ප්‍රදේශයේ සිවිල් වැසියන් වෙනුවෙන් ඔවුන්ගේ ද සහාය ඇතිව ඉදිකරන ලද වගා ළිං 03 ක් ඉරිදා (08) දින විවෘත කරන ලදි.

වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් කුලතුංගගේ සහාය ඇතිව 62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් බි.එච්.එම්.ඒ. විජේසිංහගේ පුර්ණ අධික්ෂණය යටතේ වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය විසින් මෙම ව්‍යාපෘතියේ සම්බන්ධිකරණ කටයුතු සිදු කරනු ලැබීය.

ප්‍රදේශයේ සිවිල් වැසියන්ගේ හා ප්‍රජා නායකයින්ගේ සහාය ඇතිව ඉදිකරන ලද මෙම වගා ළිං 03 මඟින් වෙහෙරතැන්න සහ ඒ අවට ප්‍රදේශවල පානීය හා කෘෂිකර්ම කටයුතු සඳහා අවශ්‍ය ජල පහසුකම් සපයා ගනු ලැබේ.

තවද, ඉදිරියේ දී මෙම එක් ළිඳක් සඳහා ජල පිරිපහදු පද්ධතියක් සවිකර ප්‍රදේශය ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීමට ද 62 වන සේනාංක මුලස්ථානය බලාපොරොත්තු වේ.

මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අනුග්‍රහායක අතිපූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද මාහිමිපාණන් වහන්සේ, දායක සභාවේ ලේකම් ලක්ෂ්මන් මහානාම මහතා, 62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් බි.එච්.එම්.ඒ. විජේසිංහ, 623 බලසේනාවේ බලසේනාධිපති, අණදෙන නිලධාරීන්, අනෙකුත් නිලධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් වැසියන් ද මෙහි සමාරම්භක උත්සවය සඳහා සහභාගි වූහ.

තවද, එහිදි මෙම ස්වාමින් වහන්සේ ඇතුලු පිරිස විසින් වෙහෙරතැන්න ප්‍රදේශයේ වැසියන් වෙත වියළි සලාක පාර්සල් 500 ක් ද, ළමුන් වෙත පාසල් උපකරණ තොගයක් ද බෙදාදෙන ලදි. එම ප්‍රදේශයේ සිවිල් වැසියන්ගේ ජිවන තත්වය ඉහළ නැංවිමට සහ ඔවුන් මුහුණදෙන ආර්ථික තත්වයට සහනයක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිනි.

එමෙන්ම, මෙම ස්වාමින් වහන්සේගේ ඉල්ලීමකට අනුව ලක්ෂ්මන් මහනාම මහතාගේ මුලිකත්වයෙන් වන්නි ආරක්ෂක සේනා මුලස්ථාන සිවිල් සම්බන්ධිකරණ ශාඛාවේ පුර්ණ සහයෝගය ඇතිව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ වෛද්‍ය නිලධාරීන් දෙදෙනෙකුගේ සහභාගීත්වයෙන් ජංගම වෛද්‍ය සායනයක් ද මෙම ස්ථානයේ පැවැත් වූ අතර, එහිදි වෙහෙරතැන්න ප්‍රදේශය වැසියන් 100 කට අධික පිරිසක් විවිධ රෝග සඳහා ප්‍රතිකාර ලබා ගන්නා ලදි.

623 බලසේනාවේ බලසේනාධිපති, අණදෙන නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සිවිල් වැසියන් විශාල පිරිසක් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

best Running shoes brand | New Balance 991 Footwear