Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th February 2018 16:47:19 Hours

ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග පිළිබඳව 24 වන සේනාංකයේ භට පිරිස් දැනුවත් කෙරේ

නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 24 වන සේනාංකයේ භට පිරිස් සඳහා බදාදා (07) දින අම්පාර පිහිටි එම සේනාංක මුලස්ථානයේ දී ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග සහ මානව ප්‍රතිශක්ති ඌණතා වෛරසය ශරීර ගතවීම නොහොත් ඒඩ්ස් රෝගය පිළිබඳව දැනුවත් කිරිමේ වැඩමුළුවක් පවත්වන ලදි.

මෙම විෂය පිළිබඳ දේශන ජෝන් කීල්ස් සමූහයේ අසරණ සරණ පදනමේ එච්අයිවී සහ ඒඩ්ස් පිළිබඳ ප්‍රධාන මාර්ගෝපදේශන පුහුණුකරු අයිවන් පෙරේරා මහතා විසින් සිදු කළ අතර, මෙම වැඩසටහන සඳහා හබරණ සිනමන් ලොජ් ආයතනය අනුග්‍රහය දැක්වූහ.

නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල ගේ ආරාධනයකට අනුව ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය විසින් මෙහි දේශකයින්ගේ සහාය ලබාදුනි.

මෙම වැඩමුළුව සඳහා 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ ඇතුලු එම සේනාංකයේ සේවයේ නියුතු භට පිරිස් 300 කට වැඩි පිරිසක් සහභාගි වූහ.

Best Nike Sneakers | SUPREME , Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信! - パート 5