Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th September 2018 02:34:43 Hours

ලංකා බැංකුවේ සේවකයින් සඳහා ‘යුද්ධ හමුදා නායකත්ව’ පුහුණුව

නායකත්වය සහ ධනාත්මක චින්තනය වැඩිදියුණු කිරීමේ අරමුණින් බැංකු නිලධාරීන් 1500 ක කණ්ඩායමක් වෙනුවෙන් යුද්ධ හමුදාව විසින් දිවයින පුරා ස්ථාපිත යුද්ධ හමුදා පුහුණු පාසල් 6 ක දී සඳුදා (03) දින නායකත්ව පුහුණු වැඩමුළු පවත්වන ලදි.

ලංකා බැංකු බලධාරීන් විසින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක වෙත කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් පාබල පුහුණු මධ්‍යස්ථානය - මින්නේරිය, ප්‍රගුණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසල - දියතලාව, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානය - අඹේපුස්ස, සන්නද්ධ බලකා පුහුණු මධ්‍යස්ථානය - අනුරාධපුර, කමාන්ඩෝ රෙජිමේන්තු විශේෂ සංග්‍රාමික පුහුණු පාසල - වෙඩිතලතිව් සහ 5 වන සන්නද්ධ බලකා රෙජිමේන්තු පරිශ්‍රය - පාන්ගොල්ල යන ස්ථානයන්හි දී මෙම වැඩමුළු පැවැත්වීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස යුද්ධ හමුදාධිපතිතුමා විසින් උපදෙස් ලබාදෙනු ලැබීය.

සතියක් පුරා පැවැත්වීමට නියමිත මෙම වැඩමුළුවට නායකත්ව ගුණාංග ප්‍රවර්ධනය කිරීම,  සමාජ විනය වැඩි දියුණු කිරීම, වෘත්තීය පුහුණු නිපුණතා වැඩිදියුණු කිරීම, අභියෝග ජයගැනීම සඳහා මානසික වටපිටාව සකස් කිරීම, හොඳ සමාජ දෘෂ්ටියක් ඇතිකරවීම, මානසික සමතුලිතතාවය පවත්වාගෙන යාම ආදි කරුණු ඇතුලත් වේ. bridgemedia | Air Jordan Release Dates Calendar