Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th January 2018 17:53:56 Hours

රිච්මන්ඩ් විද්‍යාලයේ ශිෂ්‍ය නායකයින් 58 වන සේනාංකයේ ‘නායකත්ව සංවර්ධන’ වැඩමුළුවට සහභාගි වේ

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ ශිෂ්‍ය නායකයින් පිරිසක් දෙසැම්බර් මස 27 සහ 28 යන දිනයන්හිදි බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත ගාල්ල, බුස්ස හි පිහිටි 58 වන සේනාංක මූලස්ථානය විසින් පවත්වනු ලැබු ‘නායකත්ව සංවර්ධන’ පිළිබඳ දෙදින වැඩමුළුවක් සඳහා සහභාගි වුහ.

මෙම දෙදින නායකත්ව වැඩමුළුවට සහභාගි වූ පාසල් ශිෂ්‍ය නායකයින් 23 දෙනෙකුගෙන් යුතු පිරිසට, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සහ වෘත්තීය විශීෂ්ඨයින් කිහිපදෙනෙකු සමඟින් එහිදි අදහස් හුවමාරු කරගැනීමට අවස්ථාව හිමි වූ අතර, නායකත්වය ඒ සඳහා ප්‍රායෝගික විධික්‍රම සහ නායකත්ව වටිනාකම් පිළිබඳව දෙපිරිස අතර අදහස් හුවමාරුවිණි.

කණ්ඩායම් සාමුහිකත්වය, සාමුහිකත්වය ගොඩනැගීම, තීරණ ගැනීමේ ක්‍රමවේදයන්, සමාජ සම්මත චාරිත්‍ර වාරිත්‍ර, ආචාර ධර්ම, සහයෝගිතාව, නායකත්වය ඇතුළු විෂය ක්ෂේත්‍රයට අදාල මාතෘකා රාශීයක් පිළිබඳව මෙම වැඩමුළුවේදී සාකච්ඡාවට ලක් කරන ලදි.

මෙම වැඩමුළුවේ ආරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සුදත් පෙරේරා සහභාගි වූ අතර, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, විශ්‍රාමික නිලධාරීන් සහ වෘත්තීයවේදීන් පිරිසක් විසින් මෙහි දේශන පැවැත්විය.

Sportswear free shipping | Nike Air Force 1 , Sneakers , Ietp STORE