Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd May 2018 19:00:40 Hours

රණවිරු සැමරුම් මාසය ඇරඹේ

රණවිරු සැමරුම් මාසය - 2018 ප්‍රකාශයට පත්කරමින් එහි පළමු රණවිරු සැමරුම් කොඩිය අලෙවි කිරිමේ උත්සවය බදාදා (2) දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

රණවිරු සේවා අධිකාරියේ ගරු සභාපතිනි අනෝමා ෆොන්සේකා මහත්මිය විසින් මෙහි පළමු සමරු කොඩිය අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා වෙත පළඳවන ලදි. එමෙන්ම පසුගිය වසරේ කොඩි අළෙවියෙන් ලද ආදායම පළාත් ආණ්ඩුකාරවරුන් විසින් සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපතිතුමන් වෙත පිරිනැමු අතර එතුමන් විසින් 2018 වසර සඳහා වු රණවිරු සැමරුම් කොඩි පළාත් ආණ්ඩුකාරවරුන් වෙත පිරිනමන ලදී.

මෙම රණවිරු සැමරුම් මාසය 2018 මැයි මස 2 වන දින සිට ජුනි මස 2 වන දින දක්වා ක්‍රියාත්මකවන අතර, දශක තුනකට අධික කාලයක් මෙරට පැවති ත්‍රස්තවාදය අවසන් කිරීමේ මානුෂීය මෙහෙයුමේදී සිය ජීවිත සහ අත්, පා මව්බිම වෙනුවෙන් පූජා කළ රණවිරුවන් සිහිපත් කිරීම මෙන්ම ඔවුන් වෙනුවෙන් කෘතගුණ සැලකීමේ අරමුණින් වාර්ෂිකව මෙම රණවිරු මාසයට සමගාමීව රණවිරු කොඩි අළෙවිය ද සිදු කෙරේ.

මෙම අවස්ථාව සඳහා ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන්, රාජ්‍ය පරිපාලන හා කළමණාකරණ, නිතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ගරු රංජිත් මද්දුමබණ්ඩාර මැතිතුමන්, දිවයිනේ සියළු පළාත් නියෝජනය කරමින් පළාත් ආණ්ඩුකාරවරුන්, ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජයවර්ධන මැතිතුමන්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, ත්‍රිවිධ හමුදාපතිවරුන්, රාජ්‍ය නිලධාරින් සහ ත්‍රිවිධ හමුදා නිලධාරින් පිරිසක් එක්ව සිටියහ.

affiliate tracking url | FASHION NEWS