Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th July 2019 15:32:10 Hours

රණක්‍ෂිතයට පත්ව නේවාසිකව ප්‍රතිකාර ලබන විරෝධාර රණවිරුවන් කතරගම පූජාභූමිය වැඳපුදාගනි

යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ උපදෙස් මත යුද්ධ හමුදා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂක මණ්ඩලය විසින් රණක්‍ෂිතයට පත්ව දැනට නේවාසිකව ප්‍රතිකාර ලබන විරෝධාර රණවිරුවන් 129 දෙනෙකුට ඵෙතිහාසික කතරගම පූජාභූමිය වැදපුදා ගැනීමට අවස්ථාව උදාකරදෙමින්, ඔවුන්ට ජූලි මස 23 සිට 25 දින දක්වා කාලසීමාව තුළ කතරගම වන්දනා චාරිකාවක නිරතවීමට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කරන ලදී.

කුරීරු යුද්ධය නිමා කර සාමය හා සංහිඳියාව උදාවී දශකයකට ආසන්න කාලයක් ගතවීමෙන් අනතුරුව, මව්බිමේ ආරක්‍ෂාව සඳහා සිය දිවි හිමියෙන් කටයුතු කරමින් දෑත් දෙපා පරිත්‍යාග කර උදාර මෙහෙවරක නියැලුණු විරෝදාර රණවිරුවන්ට උපහාරයක් වශයෙන් සංවිධානය කළ මෙම විශේෂ වන්දනා චාරිකාව සඳහා අභිමන්සල I, II හා III, මිහිදුසෙත් මැඳුර සහ රාගම රණවිරු සෙවනේ දැනට නේවාසිකව ප්‍රතිකාර ලබන විරෝදාර රණවිරුවන් සහභාගි වූහ. මෙම වන්දනා චාරිකාවේදී කිරිවෙහෙර පරිශ්‍රයේ සිදුකරන ලද කප්රුක් පුජාවක් සහ කිරි පිඬු පුජාවකටද දේවාලයේ සිදුකරන ලද තවත් පුජාවක් වෙනුවෙන් සහ කාවඩි නැටුම් සඳහා ද සහභාගීවීමට ආබාධිත රණවිරුවන්ට අවස්ථාව උදාවිය.

පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එස්. රාජකරුණා ගේ උපදෙස් පරිදි නිලධාරීන් හත්දෙනෙකු ඇතුළු ආබාධිත විරෝදාර රණවිරුවන් සහ ඔවුන්ගේ සහායකයින්ට කතරගම පූජාභූමිය වැඳපුදා ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සපයන ලදී.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ආබාධිත රණවිරුවන් සමඟ කතරගම පූජාභූමිය සහ අනෙකුත් ස්ථාන වැදපුදා ගැනීම සඳහා එක්වූ අතර ඔවුන් සමඟ සුහදව අදහස් හුවමාරු කරගනු ලැබීය. ආගමික වතාවත් හා කතරගම දේවාලයේ විශේෂ පූජාවන් සිදුකරමින් එම රණවිරුවන්ට ආශිර්වාද කළ අතර ඔවුන්ට ඉක්මන් සුවය ද ප්‍රාර්ථනා කළේය.

විරෝදාර ආබාධිත රණවිරුවන් සමඟ සිදුකළ මෙම සංචාරය සඳහා මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ, විධායක ජෙනරාල් ජයනාත් සෙනෙවිරත්න, පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එස්. රාජකරුණා ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු සහ අනෙකුත් නිලධාරීන් ද සහභාගි වූහ. short url link | Women's Nike Air Force 1 Shadow trainers - Latest Releases , Ietp