Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th September 2018 21:58:47 Hours

රණක්‍ෂිතයට පත් රණවිරුවන්, දඹදිව සිද්ධස්ථාන වන්දනා කිරිමේ වැඩසටහනේ 2 වන අධියර ඇරඹේ

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක යුද්ධ හමුදා සුවසහන මධ්‍යස්ථානයන්හි ප්‍රතිකාර ලබන රණක්‍ෂිතයට පත් රණවිරුවන් හට දඹදිව සිද්ධස්ථාන වන්දනාමාන කිරිමේ වැඩසටහනේ දෙවන අධියර යටතේ රණවිරුවන් 15 දෙනෙකු සඳහා අඳාල ගුවන් ටිකට් පත් ප්‍රධානය කිරිම අඟහරුවාදා (4) දින විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් විධායක ජෙනරාල් කාර්යාලයේදී පවත්වන ලදී.

ඉන්දියාවේ බෞද්ධ සිද්ධස්ථාන නැරඹීමෙන් ඔවුන්ගේ ආධ්‍යාත්මික සුවය සහ ආගමික බැදීම වැඩිදියුණු කිරිම සලකා බලමින් මේජර් ජෙනරාල් එස්.කේ තිරුනාවුකර්සු පුනරුත්ථාපන අධ්‍යක්‍ෂක ධුරය හොඹවනු ලබන යුද්ධ හමුදා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් මෙම සංචාරයේ දෙවන අධියර ද සංවිධානය කරන ලද අතර ප්‍රතිකාර ලබමින් සිටින රණක්‍ෂිතයට පත් රණවිරුවන් සඳහා අවශ්‍ය ගුවන් ටිකට් පත් සහ අනෙකුත් පහසුකම් සඳහා වු වියදම් යුද්ධ හමුදාව වෙතින් සිදුකරයි.

යුද්ධ හමුදාධිපති තුමන්ගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක මෙම වැඩසටහනේ පළමු අධියර මගින් ද සුවසහන මධ්‍යස්ථානයන් හි ප්‍රතිකාර ලබන රණක්‍ෂිතයට පත් තවත් රණවිරුවන් පිරිසක් ඉන්දියාවේ සංචාරයක නිරත වු අතර, නිලධාරින් 5 දෙනෙකුගේ මුලිකත්වයෙන් යුතු මෙම දෙවන රණවිරුවන් කණ්ඩායම සිය ජිවිතයේ ප්‍රථම වරට දඹදිව සහ නේපාලයේ සංචාරයක නිරත විම සඳහා අද (7) දින සන්ධ්‍යාවේදී දිවයිනෙන් පිටත්ව ගියහ.

මෙම සංචාරය අතරතුරදී, ඔවුන් හට බුද්ධගයාව, වරණාසී, කුසිනගර් සහ ඉන්දියාවේ සහ ලුම්බිණියේ පිහිටි වෙනත් බෞද්ධ සිද්ධස්ථාන හා බුදුරජාණන් වහන්සේ උපන් ස්ථානය පිහිටි නේපාලය ද බුද්ධාලම්බන ප්‍රිතියෙන් යුතුව වන්දනාමාන කරගැනිමේ මහගු අවස්ථාවක් හිමි වනු ඇත. bridgemedia | Cactus Plant Flea Market x Nike Go Flea Collection Unveils "Japan Made" Season 4