Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th February 2018 15:00:46 Hours

රණක්ෂිතයට පත් රණවිරුවන් වෙනුවෙන් තවත් භාවනා වැඩසටහනක්

යුද්ධ හමුදා මූලස්ථාන මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබු තවත් භාවනා වැඩසටහනක් අනුරාධපුර, අභිමංසල 1 හී සේවයේ නියුතු හමුදා සාමාජිකයින්ට සහ රණක්ෂිතයට පත් නේවාසික රණවිරුවන් වෙනුවෙන් බවුන්සෙත් මානසික සුවසෙවන භාවනා මධ්‍යස්ථානයේ වැඩවාසි පූජ්‍ය දියසෙන්පුර විමල ස්වාමින් වහන්සේගේ මෙහෙයවිමෙන් මෑතකදී පවත්වනු ලැබීය.

එමෙන්ම, බවුන්සෙත් මානසික සුවසෙවන භාවනා මධ්‍යස්ථානයේ වැඩවාසි පූජ්‍ය දියසෙන්පුර විමල ස්වාමින් වහන්සේ විසින් සඳුදා (19) දින එම මධ්‍යස්ථානයේ දී තවත් භාවනා වැඩසටහනක් පැවැත් වූ අතර, ඒ සඳහා දිවයින පූරා පිහිටි යුද්ධ හමුදා පුහුණු පාසල්හි සේවයේ නියුතු යුද්ධ හමුදා නිලධාරියෙක් ඇතුලු හමුදා සාමාජිකයින් 69 ක් සහභාගි වූහ.

bridgemedia | Air Jordan Release Dates 2020