Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th October 2017 22:47:44 Hours

රණක්ෂිතයට පත් රණවිරුවන් තිදෙනකුගේ විවාහ මංගල උත්සවය ජයටම

ගම්පහ සියනෑ කෝරළයේ රණවිරු සුභසාධනය වෙනුවෙන් මෙහෙවර රැසක් ඉටු කරන ‘සියනෑවේ අපි’ සත්කාරක සංවිධානය විසින් අඟහරුවාදා (24) දින ත්‍රස්ථවාදීන්ට එරෙහිව යුද්ධයේ දී ආබාධිත වු විජයබාහු පාබල රෙජිමේන්තුවේ රණවිරුවන් තිදෙනෙකුගේ සමුහ විවාහ මංගල්‍යය උත්සවයක් කුරුණෑගල බෝයගනේ විජයබාහු පාබල රෙජිමේන්තු ‘ද සැලියුට්’ (The Salute) උත්සව ශාලාවේ දී පවත්වනු ලැබීය.

මෙම විශේෂ මංගල්‍යය උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි වු අතර, මනාලයන් තිදෙනා වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් විවාහා ලියාපදිංචි කිරීමේ සහතිකයේ සාක්ෂිකරුවකු ලෙස අත්සන් කරනු ලැබීය. මෙම අවස්ථාවට විජයබාහු පාබල රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් චන්දන ගුණවර්ධන, විජයබාහු පාබල රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ශ්‍රීනාත් ආරියසිංහ සහ මනාල මනාලි දෙපාර්ශවයේම ඥාති හිතමිත්‍රාදීන් රැසක ද එක්ව සිටියහ.

‘සියනෑවේ අපි’ සත්කාරක සංවිධානය විසින් අඛණ්ඩව 6 වන වරටත් සංවිධානය කරනු ලැබු මෙම ආබාධිත රණවිරු විවාහ මංගල උත්සවයේ විවාහ ඇඳුම්, වාහන, සංග්‍රාහ කටයුතු, දිවා ආහාරය, සංගීත කණ්ඩාම් සහ වෙඩින් කේක් ආදී සියලුම වියදම් දරමින් යුද්ධ හමුදා පුනරුත්ථාපන අධ්‍යක්ෂක මණ්ඩලයේ සම්බන්ධිකරණයෙන් මෙම සමුහ විවාහ මංගල්‍ය සංවිධානය කරනු ලැබීය.

අභිමංසල I, අභිමංසල II සහ බෝයඟනේ විජයබාහු පාබල රෙජිමේන්තු මුලස්ථානය යටතේ රණක්ෂිතයට පත්ව නේවාසිකව සිටි 8 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ සැරයන් බී.ජි.එස්.කේ. නන්දසිරි, 6 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ කෝප්‍රල් ජි.ඩී.ටි.බී.එස්.කේ. චාමිකර සහ 4 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ කෝප්‍රල් එම්.පී. ප්‍රේමසිරි යන ආබාධිත රණවිරුවන්ගේ සමුහ මංගල උත්සවය මෙසේ යුද්ධ හමුදාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අතී උත්කරෂවත් අන්දමින් පවත්වනු ලැබීය.

‘සියනෑවේ අපි’ ව්‍යාපාරික සංසදය, රණවිරු සුභසාධනය වෙනුවෙන් කරන ලද මෙම සත්කරය හේතුවෙන් මංගල උත්සවයේ චාරිත්‍ර සහ වාරිත්‍ර ඉතා අලංකාරවත් අන්දමින් සිදු කරගැනීමට හැකිවිය.

මීට පෙර ‘සියනෑවේ අපි’ ව්‍යාපෘතිය යටතේ විවාහ වු රණක්ෂිතයට පත් රණවිරුවකුගේ දරුවකුගේ මංගල බත් කෑවීමේ (ඉදුල් කට ගෑමේ) අවස්ථාවට සහභාගි වන ලෙස දරුවාගේ මව විසින් කරන ලද ඉල්ලීමකට අනුව, මෙම මංගල උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ සහභාගිත්වයෙන් එම චාරිත්‍රයන් ඉටු කරනු ලැබීය.

එල්ටීටීඊ ත්‍රස්තවාදින් සමඟ නගර්කෝවිල් හී පැවති සටනේදි හිසට වෙඩි පහරක් වැදි ආබාධිත තත්ත්වයට පත්ව අභිමන්සල I හී ප්‍රතිකාර ලබමින් සිටි 8 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ සැරයන් බී.ජි.එස්.කේ. නන්දසිරි සමඟ ගොකරැල්ලේ පදිංචි නිශාන්ති මධුශානි අතිනත ගත් අතර, පුදුමාතලන් හිදි ත්‍රස්තවාදි ප්‍රහාරයකට ලක්ව බරපතල තුවාල ලබා අභිමන්සල II හී නේවාසිකව ප්‍රතිකාර ලැබු 6 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ කෝප්‍රල් ජි.ඩී.ටී.බී.එස්.කේ චාමිකර සමඟ මතුගම පදිංචි දිස්නා ප්‍රබෝධනි ද සියලුම දෙනාගේ ආශීර්වාද මධ්‍යයේ මෙම මංගල උත්සවයේ දී අතිනත ගනු ලැබීය.

එමෙන්ම, පුදුකුඩිරිප්පු අවසන් සටනේ දී ත්‍රස්තවාදි ප්‍රහාරයකට ලක්ව අබාධිතව දැනට විජයබාහු පාබල රෙජිමේන්තුවේ මුලස්ථානයේ සේවයේ නියුතු 4 වන විජයබාහු පාබල රෙජිමේන්තුවට අයත් කෝප්‍රල් එම්.පි. ප්‍රේමසිරි සමඟ මොරකෑවේ පදිංචි චන්දිමා හේමලතා රණතුංග අතිනත ගැනීම ද මෙම මංගල උත්සවයේ දී සිදුවිය.

මෙහිදි යුද්ධ හමුදාධිපතිතුමන් මනාල යුවලන්ට සුභාෂීංශණ පිරිනැමු අතර, නිවසට අවශ්‍ය බඩු බාහිර ද ත්‍යාග වශයෙන් මනාල යුවලන් වෙත ප්‍රදානය කරනු ලැබීය.

මෙම මංගල උත්සවය සඳහා විවාහ වන මනාල මනාලියන්ගේ පවුල්වල සාමාජිකයින්, යුද්ධ හමුදා අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්න, විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, පුනරුත්ථාපන අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ශාන්ත තිරුනාවුකරෂු, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් ද සහභාගි විය.

Sports Shoes | Women's Nike Air Jordan 1 trainers - Latest Releases , Ietp