Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st January 2019 16:37:00 Hours

රට වෙනුවෙන් දිවිපිදු විජයබාහු පාබල රෙජිමේන්තුවේ රණවිරුවන්ට ගෞරවයක් එක්කරමින් ඔවුන්ගේ දූ දරුවන් වෙත පරිත්‍යාග වැඩසටහනක්

රටේ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් විජයබාහු පාබල රෙජිමේන්තුවේ විරෝධාර රණවිරුවන් සිදු කළ අප්‍රතිහත කැප කිරීම් ආවර්ජනය කරමින් විජයබාහු පාබල රෙජිමේන්තු සේවා වනිතා ඒකකය විසින් එම රෙජිමේන්තුවට අයත් රට වෙනුවෙන් දිවිපිදු, රණක්‍ෂිතයට පත් සහ සේවයේ නියුතු රණවිරුවන්ගේ අධ්‍යාපනය හදාරණ දු දරුවන් 162 ක් සඳහා පරිත්‍යාග වැඩසහනක් යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මෙන්ම විජයබාහු පාබල රෙජිමේන්තුවේ අධිපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ගේ ප්‍රධානත්වයෙන් බෝයගනේ විජයබාහු පාබල රෙජිමේන්තු මූලස්ථාන ‘ද සැලියුට්’ උත්සව ශාලාවේ දී පැවැත්විණි.

මෙම උත්සවයේ දී පාසල් සිසුන් 162 ක් සඳහා විජයබාහු පාබල රෙජිමේන්තු සේවා වනිතා ඒකකයේ අනුග්‍රහකත්වය යටතේ රුපියල් මිලියන 1.5 ක පමණ වටිනාකමින් යුතු පාසල් උපකරණ, නිල ඇඳුම් සහ පාවහන් මෙන්ම ක්‍රීඩා භාණ්ඩ ඇතුළු කෘතීම පාද 13 ක් ප්‍රදානය කළහ. තවද මෙම අවස්ථාවේ දී විජයබාහු පාබල රෙජිමේන්තු රණවිරුවෙකුගේ දෘශ්‍යාබාධිත දියණියක් වෙනුවෙන් බ්‍රේල් උපකරණයක් ද ප්‍රදානය කළහ.

මෙම අවස්ථාවේ දී විජයබාහු පාබල රෙජිමේන්තුවේ පවුල්වල ප්‍රතිලාභින්ට උපකරණ බෙදාදීම සඳහා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මෙන්ම විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන සමඟින් විජයබාහු පාබල රෙජිමේන්තු සේවා වනිතා ඒකකයේ සභාපතිණි අනෝජා කාරියකරවන එක්ව සිටියහ. තවද මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, විජයබාහු පාබල රෙජිමේන්තු සේවා වනිතා ඒකකයේ සාමාජිකයින්, දෙමාපියන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ. Best Nike Sneakers | Nike Running