Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th January 2019 21:03:02 Hours

යුරෝපීය පාර්ලිමේන්තු ‘Friends of Sri Lanka Group’ වන්නි ආඥාපති හමුවෙයි

මෙරට සංචාරයක් සඳහා පැමිණ සිටින යුරෝපීය පාර්ලිමේන්තුවේ ‘Friends of Sri Lanka Group’ හී ගරු ජෙෆ්රි වෑන් ඕඩන් මහතා (Hon. Geoffrey Van Orden) සහ ගරු විලියම් අර්ල් මහතා (Hon. William Earl) සමගින් රාජ්‍ය සම්බන්ඳතා නිලධාරී එම්.එල්.එෆ් මෆාසා මහත්මිය පසුගියදා වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති හමුවූහ.

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා හමුවූ මෙම නියෝජිත පිරිස එහිදි වර්තමානයේ යුද්ධ හමුදාව විසින් ක්‍රියාවට නංවා ඇති සමාජ සංවර්ධන වැඩසටහන් සහ වෙනත් ප්‍රතිසන්ධාන ව්‍යාපෘති පිළිබඳව අදහස් හුවමාරු කරගත්හ.

තවද වන්නි ප්‍රදේශයේ වත්මන් සමාජ සුභ සාධන සහ ප්‍රතිසන්ධාන ව්‍යාපෘතින් පිළිබඳව බටහිර ආරක්ෂක සේනා කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිළධාරී කර්නල් අනිල් පිරිස් විසින් මෙම නියෝජිත කණ්ඩායම වෙත සවිස්තරාත්මක දේශනයක් ඉදිරපත් කරන ලදි. එහිදි ආර්ථික ගැටළු සහා හදිසි ආපදා තත්ත්වයන් (ගංවතුර සහ නියඟයන්) හේතුවෙන් ජනතාව මුහුණදෙන දුෂ්කරතාවයන් මෙන්ම ජීවනෝපාය සඳහා නිසි සම්පත් නොමැත්වීම සහ පවුල්වල දරිද්‍රතාවය වැනි කරුණු පිළිබඳ මෙම සාකච්ඡාවේදි අවධානයට ලක්විය.

මෙම සුහද හමුව අවසානයේ මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා විසින් නියෝජිත පිරිස වෙත උණුසුම් සුභපැතුම් පිරිනමමීන් සමරු තිළිණයන් ද ප්‍රදානය කළහ. ඉන් අනතුරුව, මෙම නියෝජිත පිරිස නැවත පදිංචිකල ප්‍රදේශයන්හීද සංචාරය කල අතර එහිදි එම ගම්මාන වල යටිතල පහසුකම් නංවාලීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ගයන් පිළිබඳව ද සාකච්ඡා කළහ. Nike Sneakers | yeezy sole turning blue color shoes FX6794 FX6795 Release Date - nmd legion ink goat costume ideas for boys