Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණයෙන් සිසුන් වෙත පාසල් උපකරණ

නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නන්දන සේනාධීර විසින් සමාජ සේවකයෙකු වන ශානක පෙරේරා මහතා වෙත පෞද්ගලිකව කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ඒ මහතාගේ උපන්දිනය නිමිත්තෙන් බදාදා (10) දින සිංහපුර මහා විද්‍යාලයේ සිසුන් වෙත ලබාදීම සඳහා පාසල් උපකරණ විශාල තොගයක් පරිත්‍යාග කරන ලදි.

අභ්‍යාස පොත්, පාසල් උපකරණ, පාසල් බෑග් ආදිය අඩංගු ත්‍යාග පාර්සල් 140 ක් එහිදි ලබාදුන් අතර, එම එක් ත්‍යාග පාර්සලයක වටිනාකම රුපියල් 2500 ක් වේ. එමෙන්ම මෙම අවස්ථාවට සහභාගි වූ සියලුදෙනා වෙත කෙටි කෑම අඩංගු පාර්සල් ද මෙහිදි ලබාදෙනු ලැබීය.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වු මේජර් ජෙනරාල් නන්දන සේනාධීර සමඟින් ශානක පෙරේරා මහතා සහ ඔහුගේ පවුලේ සමාජිකයින් ද මෙම අවස්ථාවට සහභාගි වූ අතර, 233 බලසේනාවේ බලසේනාධිපති කර්නල් චන්ද්‍ර ජයවීර, විදුහල්පති, ගුරුවරුන්, දෙමාපියන්, පාසල් සිසුන් මෙන්ම භට පිරිස් ද මීට එක්ව සිටියහ.

Buy Kicks | Air Jordan 1 Retro High OG Retro High OG Hyper Royal 555088-402 , Fitforhealth